• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාලදිවයිනේ ධිවර කර්මාන්තයේ නව තාක්ෂණ අත්දැකීම් බෙදා ගැනීමට මෙරට සුදානම්

27 September 2020
in දේශීය

කරදිය ධිවර කර්මාන්තය හා මිරිදිය කර්මාන්තය පිළිබදව මාලදිවයින රජය සමග තාක්ෂණික දැනුම හා අත්දැකීම් බෙදාගැනීමට ලංකාව සුදානම් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) දින ධීවර අමාත්‍යංශයේදි මාලදිවයින තානාපති ඔමර් අබ්දුල් රසාක් මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදිය.

මාලදිවයින මුහුදු සීමාවට අනවසර ලෙස ඇතුළත් වන ශ්‍රි ලාංකික ධිවරයන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන් පිළිබදව ගතයුතු ක්‍රියාමාර්ග ගැන ද්වීපාර්ශික ගිවිසුමක් සකස් කොට එම ප්‍රශ්නවලට විසදුමක් ලබාගත යුතු බව අමාත්‍යවරයා යෝජනා කළ අතර, එම යෝජනාව මාලදිවයින තානාපතිවරයා විසින් පිළිගත් අතර යෝජනාව සකස් කිරීමට ශ්‍රි ලංකාවේ ධිවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියට භාරදීමට මෙම සාකච්ඡාවේදී එකගතාවයකට එළබිණි.

එම හමුවේදි මාලදිවයිනේ මුහුදු ආහාර (කරවල,උම්මලකඩ) ආශ්‍රිත නිෂ්පාදන වලට ලංකාවේ හොද ඉල්ලීමක් තිබෙන බවත්, කොවිඩ් නයින්ටීන් උවදුර නිසා පසුගිය වකවානුවේ මාලදිවයිනේ සිට මුහුදු ආහාර ආනයනය කිරිමට තහංචි දැමීම පිළිබදව කනස්සල්ල පලකළ තානාපතිවරයා එම තහංචිය ලිහිල් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් නයින්ටීන් හේතු කොටගෙන එම ආහාර පමණක් නොව ශ්‍රි ලංකාවට වෙනත් රටවලින් ගෙන්වන භාණ්ඩ රැසක් ආනයනය කිරීම නවත්වූ බවත්,ඉතා ඉක්මණින් මේ පිළිබදව සලකාබැලීම ජනාධිපතිවරයා සමග සාකච්ඡාකොට තීරණයක් ගන්නා බවත් ප්‍රකාශ කළේය.

මුහුදු ආහාර කටයුතුවල මාලදිවයිනේ තාක්ෂණික දැනුම, සාගර ආශ්‍රිත ධිවර කටයුතු පිළිබද මාලදිවයිනය සතුව ඇති තාක්ෂණය හා දැනුම සහ ශ්‍රි ලංකාව සතුව ඇති තාක්ෂණික දැනුම හා ධීවරයන් සතු පලපුරුදු, අත්දැකීම් දෙරට අතර ධිවර ජනතාවතුල හුවමාරුකර ගැනීමට අවශ්‍ය වැඩ පිළිවලක් සකස් කළයුතු බව මෙහිදී එකගතාවයකට එළඹිය.

අමාත්‍යවරයා කියා සිටියේ තාක්ෂණය හා දැනුම දෙරට අතර හුවමාරු කිරීමෙන් දෙරටේ පවතින සහයෝගය තව තවත් ශක්තිමත් වන බවත් එම නිසා එම අදහස තමන් ඉතා අගයකරමින් පිළිගන්නා බවයි.

ලාංකික ධිවරයන් මාලදිවයින රජය විසින් අත්අඩංගුවට ගැනීම බහුලව තිබෙන නිසා මේ පිළිබදව දෙරට අතර අවබෝධතා ගිවිසුම කඩිනම් කිරීමෙන් ඉතා ඉක්මණින් මෙයට විසදුම් සෙවිය යුතු බවට අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 13
Previous Post

සර් කියු දේ චක්‍ර ලේඛයක් බවට රට ගමන් කරන බව ජවිපෙන් චෝදනා

Next Post

වැසිකිලි වලකට වැටී දැරියක් මරුට

editor

editor

Next Post

වැසිකිලි වලකට වැටී දැරියක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved