වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ විශේෂ සමාලෝචන සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ජර්මානු කාර්මික විද්‍යාලය (CGTTI) සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) ඇතුළු වෘත්තීය අධ්‍යාපන ආයතනවල ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. නවීන යටිතල පහසුකම් සහ ගුණාත්මක පුහුණුව සහිත වෘත්තීය අධ්‍යාපන පද්ධතියක් ගොඩනඟමින්, දේශීය මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට ගැළපෙන කුසලතාවලින් තරුණ පරපුර සන්නද්ධ කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවද සඳහන් කර ඇත.
















