මෙරට පාසල්වල සනීපාරක්ෂක සහ පානීය ජල පහසුකම් තවදුරටත් ප්රමාණවත් මට්ටමක නොමැති බව පාසල්වල භෞතික සම්පත් ඌනතා පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු අනුකාරක සභාව නිරීක්ෂණය කර තිබේ.
ඒ අනුව පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමටත්, සිසුන්ට ලබාදෙන පානීය ජලයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් කඩිනම් පියවර ගත යුතු බව අනුකාරක සභාව පෙන්වා දී ඇත. පාර්ලිමේන්තු මන්ත්රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම අනුකාරක සභාව අධ්යාපන ක්ෂේත්රයේ භෞතික සම්පත් සම්බන්ධ ගැටලු පිළිබඳව අවධානය යොමු කරයි.
එම අනුකාරක සභා රැස්වීමේදී අධ්යාපන අමාත්යාංශය ක්රියාත්මක කරන සාමාන්ය අධ්යාපන නවීකරණ වැඩසටහනේ ප්රගතිය පිළිබඳවද සාකච්ඡා කර තිබේ. ලෝක බැංකුවේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්රියාත්මක වන බව සඳහන් වේ.













