සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නැමැත්තා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාර දී තිබේ.
අදාළ සංදේශය එම සංගමයේ මහ ලේකම් ආචාර්ය ශිව ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙනු ලැබ ඇත. එහිදී අදහස් දක්වමින් ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, අනෝජන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම මේ වන විටත් සිදු කරමින් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බවත්ය.
















