පාරිභෝගිකයන් අතර නිෂ්පාදනයක මූලාරම්භය, අමුද්‍රව්‍ය සහ එහි අව්‍යාජභාවය පිළිබඳ විශ්වාසදායක තොරතුරු සඳහා වැඩිවන ඉල්ලුම සමඟ සමගාමීව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හඳුනාගැනීමේ ඊළඟ පරිවර්තනීය පියවර ලෙස සාම්ප්‍රදායික තීරු කේත වලින් 2D තීරු කේත වෙත මාරුවීම සඳහා GS1 ලංකා ආයතනය සිය 10 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී පුළුල් මඟපෙන්වීමක් ලබා දී තිබේ. ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ‘GS1 Sunrise 2027’ මුලපිරීමට අනුකූලව, ඉදිරි වසර තුළ මෙරට සිල්ලර සහ සෞඛ්‍ය සේවා අංශ නව තාක්ෂණයට හැඩගැස්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන බවත්, ඒ හරහා සන්නාමයන්ට සීමිත ඇසුරුම් ඉඩකඩ තුළ වැඩි තොරතුරු ප්‍රමාණයක් පාරිභෝගිකයා වෙත රැගෙන යාමට හැකිවන බවත් එහිදී අවධාරණය කෙරිණි.
මෙම නව තාක්ෂණික සංක්‍රාන්තිය හමුවේ දේශීය ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, දැනටමත් සාමාජික සමාගම් 5,500කට අධික සංඛ්‍යාවක් මෙම වේදිකාවන්හි ලියාපදිංචි වී නිෂ්පාදන වාර්තා රැසක් උඩුගත කර තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාව නවීන ප්‍රමිතීන්ට හැඩගැසීමේ ප්‍රවණතාව මනාව පෙන්නුම් කරයි. ගෝලීය සැපයුම් දාමවල සිදුවන සීඝ්‍ර වෙනස්කම් සහ ඩිජිටල් නිෂ්පාදන තොරතුරු පද්ධතිවල අවශ්‍යතා හඳුනා ගනිමින් ගනු ලබන මෙම ක්‍රියාමාර්ගය, ඉදිරි අනාගතයේදී ශ්‍රී ලාංකික නිෂ්පාදනවල ජාත්‍යන්තර තරඟකාරීත්වය මෙන්ම විශ්වසනීයත්වය ඉහළ නැංවීමට සුවිශේෂී රුකුලක් වනු ඇත.
ඉදිරි කාලය තුළ QR කේත සහ GS1 ඩිජිටල් සබැඳි හරහා පාරිභෝගික භාණ්ඩවල සොයා ගැනීමේ හැකියාව සහ සත්‍යාපනය තහවුරු කිරීමේ නව සිල්ලර තොරතුරු වේදිකා හඳුන්වා දීමටද GS1 ලංකා ආයතනය අපේක්ෂා කරයි. තාක්ෂණික අභියෝග මැද වුවද දේශීය ව්‍යාපාර ගෝලීය ප්‍රමිතීන් සමඟ යාවත්කාලීන වීම මෙරට ආර්ථික සහ අපනයන ක්ෂේත්‍රයේ දිගුකාලීන ස්ථාවරත්වයට සහ ඩිජිටල් පරිවර්තනයට මංපෙත් විවර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














