කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනු කර ඇති දූෂණ චෝදනා පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ඇත.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන), සහකාර අධ්‍යක්ෂ (මුදල්) සහ ප්‍රවාහන නිලධාරී යන මහත්වරුන් මෙලෙස පෙනී සිට ඇති අතර, කතානායකවරයාට ලබා දී ඇති නිල නිවාස, වාහන, ඉන්ධන, ආහාරපාන සහ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඇතුළු පහසුකම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම මගින් පාර්ලිමේන්තු මහා ලේකම්වරියට දැනුම් දී තිබුණි. පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශන ආරම්භ කර ඇත.














