සෝමාවතිය ජාතික උද්‍යානයේ, සෝමාවතිය චෛත්‍යය ආසන්නයේ උදර ප්‍රදේශයේ හටගත් සැරව ගෙඩියක ආසාදනයක් හේතුවෙන් තුවාල ලබා සිටින වන අලියාට සිව්වන වරටත් සාර්ථක ප්‍රතිකාර සිදු කර තිබේ.
ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරී සමීර කළිඟුආරච්චි ඇතුළු කාර්ය මණ්ඩලය සහ සෝමාවතිය ජාතික උද්‍යාන නිලධාරීන් එක්ව පසුගිය 08 වන දින මෙම ප්‍රතිකාර සිදු කර ඇති අතර, අඛණ්ඩව සිදු කළ ප්‍රතිකාරවල ප්‍රතිඵලයක් ලෙස වන අලියාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවත් ආසාදිත තුවාලය ක්‍රමයෙන් සුවවෙමින් පවතින බවත් පශු වෛද්‍යවරයා පවසයි.














