එල් නිනෝ දේශගුණික විපර්යාස හේතුවෙන් උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් මහභාගේ පොලිස් ස්ථානය විසින් එකතු කරන ලද ජල බෝතල් තොගයක් ජාතික රූපවාහිනියේ “නොසිඳෙන දයාව” ව්‍යාපෘතිය වෙත භාර දී තිබේ.
මහභාගේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ දායකත්වයෙන් ප්‍රදේශවාසීන්ගෙන් ජල බෝතල් 800ක පමණ ප්‍රමාණයක් මෙලෙස එකතු කර ඇති අතර, එම පරිත්‍යාග තොගය නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙත යැවීම සඳහා කැළණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක සහ මහභාගේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පසුගියදා (11) නිල වශයෙන් භාර දී ඇත.














