• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ඇමැති දුමින්ද අනුරාධපුරේදි සිය රාජකාරි කටයුතු අරඹයි

15 August 2020
in දේශීය

ඉදිරි අවුරුදු 10 තුළදී ඉන්ධන භාවිතා නොකර, පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය ජනනය කිරීමේ වගකීම ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වන බව සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය, පෑතිස්රඹෑව ප්‍රදේශයේ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කර මෙගාවොට් 2 ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීම වෙනුවෙන් රජරට සස්ටනේජබල් පුද්ගලික සමාගම අක්කර 10 ක භූමි භාගයක ඉදි කරන සූර්ය බල විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීමට එක් වෙමින්ය.

සුර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක සිය අමාත්‍යය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම මෙලෙස සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කරන අනුරාධපුරයේම පුද්ගලික සූර්ය විදුලි බලාගාරයක් නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.

අමාත්‍යවරයා අක්කර 10 ක් පුරා විහිදී ඇති සූර්ය බල විදුලි බලාගාරය නිරීක්ෂණය කරනු ලැබීය. එහි සූර්ය බල විදුලි උත්පාදක පැනල වලට පහල භූමියෙහි යටි වගාවක් ලෙසින් නවීන කෘෂිකර්මාන්ත ක්‍රම භාවිත කර මිරිස්, ගෝවා, මාලු මිරිස්, තක්කාලි හා වට්ටක්කා ආදී භෝග වර්ග 30 කට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇත. සූර්ය බල පැනල වල පහළ කොටස තුළ හරිතාගාර ඉදි කර එම හරිතාගාර තුළ වගාවන් සිදු කර තිබූ අතර, ඒ මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කළ නොහැකි භෝග විශාල ප්‍රමාණයක්ද වගා කළ හැකි බව එහි වගා කටයුතු භාර සුනිල් දිසානායක මහතා අමාත්‍යවරයාට පෙන්වා දුන්හ. ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මෙම සූර්ය බලාගා‍රය මගින් මෙගා වොට් 02 නුදුරේදීම ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතය.

එහිදි අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ බලාපොරොත්තුව ‍විදිහට ඉදිරියේදී සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමටත්, නව තාක්ෂණය ගොවි ජනතාවට හදුන්වා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ 2030 වන විට විදුලිය නිෂ්පාදනය පුනර්ජනනීය බලශක්තිය මගින්, ඉන්ධන භාවිතයෙන් තොරව විදුලිය නිෂ්පාදනය කරන්න ඉදිරි අවුරුදු 10 තුලදී, එය තමයි අපිට ඉලක්කයක් ලෙස ලබා දී තිබෙන්නේ. ඉදිරි අවුරුදු 10 තුළදී ඉන්ධන භාවිතා නොකර, පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය ජනනය කිරීම සඳහා මට ලබා දී තිබෙන වගකීම ඉෂ්ඨ කරන්න මම බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට තිරප්පනය ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් ඉලංගසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රජරට සස්ටනේජබල් පුද්ගලික සමාගමේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 6
Previous Post

සියළු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ලබන 17 ආරම්භ කිරීමට නියමිතයි

Next Post

සුනඛයෙකු බේරීමට ගොස් වයස 05 දරුවෙකු රිය අනතුරින් මියයයි

editor

editor

Next Post

සුනඛයෙකු බේරීමට ගොස් වයස 05 දරුවෙකු රිය අනතුරින් මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved