• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ සුලු අපනයන බෝග වගාවන් වෙනුවෙන් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට පියවර – රාජ්‍ය ඇමැති රෝහණ

24 October 2023
in දේශීය

සුලු අපනයන බෝග ඇතුලු අනෙකුත් බෝග වගාවන් සඳහා කර්මාන්ත ශාලා මාතලේ ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව රත්තොට ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති/ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවති සම්බන්ධිකරණ කමිටු රැස්විමට ඉකුත්දා සහභාගි වෙමිනි.

සුලු අපනයන බෝග ඇතුලු අනෙකුත් බෝග වගාවන් සදහා වැඩි විභවතාවයක් ඇති රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය කේන්ද්‍රකරගෙන චිනය සදහා අගයදාම වැඩි කළ අපනයන බෝග අපනයන කිරිමේ සෘජු වැඩපිළිවෙලක් සදහා චින රජය සහ ලක් රජය සමග වෙළද අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබු බවත් එමගින් කර්මාන්ත ශාලා කිහිපයක් මාතලේ ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ ” රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මිරිස්,කරාබු,කෝපි,කුරුදු ඇතුලු අපනයන බෝග සහ අනෙකුත් ආහාර බෝග වගා කිරිමට විශාල අවශ්‍ය පාරිසරික සහ වෙනත් සාධක තියෙනවා.අපි කාලයක් තිස්සේ සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් දේශිය වෙළදපොල ඉලක්ක කරගෙන මෙම කටයුතු සිදු කරමින් සිටිනවා. මේ වන විට රටේ ආර්ථිකය හොද අතට ක්‍රම ක්‍රමයෙන් හැරිගෙන එනවා. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චිනයේ සිදු කළ සංචාරවලදි ගිවිසුම් රැසකට අත්සන් තැබුවා.ඊට සමගාමිව චිනයේ චන්දු නගරය හා මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගෙන මාතලේ ඇති අපනයන බෝග අගය එකතුකරමින් අපයනයම ඉලක්ක කරගනිමින් භාණ්ඩ නිෂ්පාදනයටත් ආහාර බෝග ඇතුලු අනෙකුත් දේවල් ලෝක වෙළදපොළ ජයගත හැකි නවින තාක්ෂණය යොදා ගනිමින් ඇසුරුම් ක්‍රම සිදු කර අපනයන කිරිමට හැකිවන පරිදි නිෂ්පාදන සිදු කිරිමට අප ගිවිසුම් කිහිපයක් අත්සන් කළා.අද වන විට අපි ඉන්නේ ප්‍රාථමික ක්‍රම මගින් සිදු කරන නිෂ්පාදනයි.මාතලේ කියන්නේ විශාල විභවතායක් ඇති දිස්ත්‍රික්කයක් මේ සියල්ල අපට චිනය සදහා අපනයන කරන්න පුළුවන්.ඉදිරි දිනෙක චින අයෝජකයින් පිරිසක් මාතලේට පැමිණෙනවා.ඔවුන්ට අපේ නිෂ්පාදන සහ බෝගයන් පිළිබදව අවබෝධයක් ලබා දි කර්මාන්ත ශාලා මාතලේ ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා.මේ තුළින් මාතලේ ජනතාවගේ ආර්ථික මට්ටම වැඩිවෙනවා වගේම.අපේ රටට විදේශ විනිමය විශාල ලෙස ලැබෙනවා.අද වන විට ජනාධිපතිතුමා විශාල වැඩකොටසක් සිදු කරනවා.අප යැපුම් මානසිකත්වයෙන් ඉවත් වි අපේ නිෂ්පාදන ආර්ථිකයක් තුළින් රටේ දළ දේශිය නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කළ යුතුයි.මේ සදහා අපට හැකි උපරිම ආකාරයෙන් දායකත්වය ලබා දිමට කටයුතු කරන බව” යැයි ද අමාත්‍යවරයා පැවසිය.

මාතලේ අතිරේක දිසාපත/රත්ත‍ොට වැඩබලන ප්‍රාදේශිය ලේකම් එල්.රියාල්දින් මහත්මිය ඇතුලු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්වි සිටියහ.

Post Views: 25
Previous Post

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට – ඇමැති කංචන

Next Post

නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ඇමති ප්‍රසන්නගෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්

editor

editor

Next Post

නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ඇමති ප්‍රසන්නගෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved