• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තහනම් කරන ලද ධීවර කටයුතු වලට දැඩි නීති පනවනවා – ධීවර ඇමැති

3 December 2020
in දේශීය

හැඹිලි දැල් භාවිතය හා තහනම් කරන ලද ධීවර කටයුතු අධීක්ෂණය කිරීම සදහා නවීන තාක්ෂණය හා නව නීති රීති කඩිනමින් ක්‍රියාත්මක කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම් චානක්කියන් මහතා විසින් හැඹිලි දැල් භාවිතා කිරීම සම්බන්ධයෙන් නැගු ප්‍රශ්ණයක් සදහා පිළිතුරු ලබා දෙමිනිත

ධීවර කටයුතු වලදී හැඹිලි දැල් භාවිතා කිරීම සදහා නව නීති රීති කිහිපයක් ඇතුලත් කරමින් බලපත් ලබා දී තිබු අතර එම නීති උල්ලංගණය කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන බවට තවමත් පැමිණිලි ලැබෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

දැනටමත් මෙම පැමිණිලි අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ හැඹිලි දැල් යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවරයින් නැවැත්වීමට කටයුතු කල අතර ඔවුන් විසින් අධිකරණයේ පිහිට පැතු හෙයින් අධිකරණ තීරණයට අනුව ඔවුන් හට නැවතත් එම රැකියාවේ නියැලීම සදහා අවස්ථාව ලැබී ඇති බවද ඒ මහතා පැවසීය.

තවද මුලතිව් ප්‍රදේශයේත් මෙම ගැටළුව හේතුවෙන් හැඹිලි දැල් භාවිතයට ඉඩ ලබා දී තිබු අතර එයට විරුද්ධව කුඩා ධීවර කර්මාන්තකරුවන්ගේ විරෝධතාවයෙන් පසු එම ධීවරයිනුත් අධිකරනයේ පිහිට පතා ඇති බවද සදහන් කළේය.

නමුත් දැනට ක්‍රියාත්මකව පවතින නීති රීති උල්ලංගනය කරමින් ධීවර යාත්‍රා මගින් හැඹිලි දැල් යොදාගෙන කරනු ලබන ධීවර කටයුතුවට එරෙහිව අවශ්‍ය නීතිමය කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලීසිය සහය ඇතිව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අපගේ සාගර සම්පත්වලට හානි කරනු ලබන හැඹිලි දැල් කර්මාන්තය පමණක් නොව ගුණාත්මක මහුදු ආහාර අස්වැන්න අඩු වීමට හේතු කෙරෙහිද බලපාන ක්‍රමවේදයන් තහනම් කිරීම සම්බන්ධයෙන්ද ධීවර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවත් දැනට දේශීය වශයෙන් මුහුදු සම්පත් පර්යේෂණ වලට ලක්කරමින් අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා ප්‍රමාණවත් පිරිස් අන්තර්ගහණය කර ගැනීම සදහාද අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය. එබැවින් අනාගතයේදී ධීවර සම්පත් වලට හානිකරනු ලබන සියළුම ධීවර කටයුතු වලට සීමා කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 10
Previous Post

ඩල්ජිත් අළුවිහාරේ මාතලේ නගරාධීපති ධූරයෙන් පහ කරයි

Next Post

  මෙරට දෙවන කොරෝනා පොකුර 22488 දක්වා ඉහළට

editor

editor

Next Post

  මෙරට දෙවන කොරෝනා පොකුර 22488 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved