ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාතික කලා මධ්‍යස්ථානයේ පැවති ‘ශක්ති – ටේල්ස් ඔෆ් පවර් ඇන්ඩ් ප්‍රොමිස්’ ග්රන්ථ සංවාදයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිණී කොළොන්නේ මහත්මිය විශේෂ ආරාධිතයා ලෙස එක්ව තිබේ. රීටු ශර්මා මහත්මිය විසින් රචිත මෙම ග්‍රන්ථය පිළිබඳ සාකච්ඡා කෙරුණු මෙම අවස්ථාවට පද්ම විභූෂන්, ආචාර්ය සොනල් මාන්සිං මහත්මිය ද ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී ඇත.
මෙහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස්වරිය, ශක්ති පීඨ හා බැඳුණු සම්ප්රදාය ඉන්දියාවේ දේශසීමාවලින් ඔබ්බට ව්‍යාප්ත වී ඇති ආකාරය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය ද දිර්ඝ කාලයක සිට එවැනි ශක්ති පීඨ සම්ප්රදායක් සමඟ සබඳතා පවත්වන බව සිහිපත් කළාය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින පූජනීය භූගෝලීය සහ ශිෂ්ටාචාරමය මතකය, නූතන දේශපාලනික සීමාවන්ට වඩා බෙහෙවින් ගැඹුරු එකක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
















