• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාබනික පොහොර සහනාධාර මුදල යල කන්නයටත් දෙනවා 

4 September 2018
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රසායනික පොහොර භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරනු ලබන සහල් පරිභොජනය සඳහා වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින නිසා කාබනික වී වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාබනික වී ගොවීන් සඳහා පොහොර සහනාධාර වශයෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගනු ලැබී ය.

ඒ අනුව හෙක්ටයාර් 02ක් හෝ ඊට අඩු කුඹුරු බිම් ප්‍රමාණයක කාබනික පොහොර භාවිතයෙන් වී වගාකරන ගොවීන්හට මෙම මුදල් ප්‍රතිපාදනය හිමි වේ. කාබනික වී වගාව සඳහා පොහොර සහනාධාර මුදල් අපේක්ෂා කරන ගොවීන්, උපායමාර්ගික ව්‍යවසාය කලමනාකරණ ආයතනයේ  (SEMA) ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

කෘෂි දේශගුණික කලාප හා වාරි ක්‍රම අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති පොහොර නිර්දේශ පදනම් කරගනිමින් කුඹුරට යෙදිය යුතු යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් (TSP) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) යන රසායනික පොහොර වෙනුවෙන් ඒ ඒ කන්නයේ රජය විසින් දරනු ලබන මුදලට සමාන මුදලක් සුදුසුකම් සපුරා ඇති ගොවීන්ට සහනාධාර ලෙස හිමි වේ.

ඒ අනුව දේශගුණික කලාප එනම් අතරමැදි හා වියළි කලාපයේ ජල සම්පාදිත කුඹුරු, තෙත් කලාපයේ ජල සම්පාදිත කුඹුරු, අතරමැදි හා වියළි කලාපයේ වර්ෂා පෝෂිත කුඹුරු, තෙත් කලාපයේ වර්ෂා පෝෂිත කුඹුරු වශයෙන් රු.13,897 සිට රු. 18,164 ක් දක්වා වන මුදලක් හෙක්ටයාර් එකකට කාබනික පොහොර සහනාධාරය වශයෙන් ලබාදීමට කටයුතු යොදා ඇත.

මෙම මූල්‍ය ප්‍රතිපාදන 2018 යල කන්නයේ දී කාබනික වී වගාවේ නිරතවන ගොවීන්ටත් ලබා දීමට යෝජිත අතර, නිර්දේශිත ගොවීන්ගේ මූලික තොරතුරු සෙමා ආයතනය විසින් නිර්දේශිත තොරතුරු මත 2018 යල කන්නය සඳහා ද කාබනික පොහොර සහනාධාර දීමනාව ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

පොහොර සහනාධාරය යටතේ වී සඳහා රු.500ට ලබා දෙන රසායනික පොහොරත්, සෙසු බෝග සඳහා රු.1500 ට රසායනික පොහොරත් ලබා දීම සිදු කරන අතර, වෙළෙඳපලේ මෙම රසායනික පොහොරවල මිල, හොණ්ඩරයක් සඳහා රු.3500 ඉක්මවයි. එම නිසා 2018 වර්ෂයේ පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වැය කරන මුදල රු.මි. 33,000ක් වුවත්, රු.1500ක පොහොර සහනාධාරයත් සමඟ එම මුදල රු.මි.35,000ක් ඉක්මවන බවත් අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (03) පස්වරුවේ මාතර,දිස්ත්‍රික්කයේ සියලුම කෘෂිකර්ම නිලධාරින් “අපි වවලයි – අපි කන්නේ” වැඩපිළිවෙල පිළිබඳව දැනුම්වත් කරන සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි. එම සම්මන්ත්‍රණය වැලිගම නගර සභා ශාලාවේදී පැවැත්විණි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් රජය තරම් ගොවියාට සහන ලබා දුන්න තවත් රජයක් නිදහසින් පසු අපේ රටේ නොතිබුණු බවයි. බෝග වර්ග 06ක් සඳහා කිසිදු දායක මුදලක් අයකර නොගනිමින් හෙක්ටයාර් එකකට රු. ලක්ෂයක මුදලක් වගා හානි සඳහා ගෙවීමට රජය රු.මි. 5228ක් වෙන් කර ඇත. ඒ අනුව වී, මිරිස්, සෝයා බෝංචි, බඩඉරිඟු, අර්තාපල් සහ ලූනුවලට එම රක්ෂණය හිමි වේ. ඊට අමතරව ගොවීන් දැඩි නියඟයට හසුවීම නිසා ඔවුන්ට සහන සැලසීමට රු.මි. 38,000ක් රජය මෙම වසරේදී වැය කරනු ලැබී ය.

එමෙන්ම පොහොර සහනාධාර සඳහා රු.මි. 35,000කට අධික මුදලක් රජය විසින් දරයි. මේ සියල්ලම රජය විසින් ඉටු කරනුයේ ගොවිජනතාව ආරක්ෂා කිරීමට බව ද ඇමතිවරයා කීය. මෙම අවස්ථාවට ගොවිජන සේවා කොමසාරිස් ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා ඇතුළු කෘෂිකර්ම නිලධාරීන් සහභාගී විය.

Post Views: 10
Previous Post

පොලිසිය ගැන ආඩම්බරයි – අගමැති

Next Post

මේ ආණ්ඩුව ස්වදේශිකයා ආරක්ෂා කළේ නෑ – විමල් කියයි

editor

editor

Next Post

මේ ආණ්ඩුව ස්වදේශිකයා ආරක්ෂා කළේ නෑ - විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකෝවේදී  පුද්ගලයන් 50කට වැඩි පිරිසකට  මරු කැඳවූ අනතුර සම්බන්ධයෙන්  ගෝතමාලා ජාතිකයෙකු වරදකරු වෙයි

මෙක්සිකෝවේදී පුද්ගලයන් 50කට වැඩි පිරිසකට මරු කැඳවූ අනතුර සම්බන්ධයෙන් ගෝතමාලා ජාතිකයෙකු වරදකරු වෙයි

9 April 2026
උත්සව සමයේ ගිනිකෙළි භාවිතය  සහ සංගීත ප්‍රසංග පැවැත්වීම සම්බන්ධයෙන්  පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

උත්සව සමයේ ගිනිකෙළි භාවිතය සහ සංගීත ප්‍රසංග පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

9 April 2026
සටන් විරාම ගිවිසුමට  ලෙබනනය ද ඇතුළත් විය යුතු බව  ප්‍රංශ විදේශ ඇමති පවසයි

සටන් විරාම ගිවිසුමට ලෙබනනය ද ඇතුළත් විය යුතු බව ප්‍රංශ විදේශ ඇමති පවසයි

9 April 2026
ඊශ්‍රායලය ලෙබනනයට  එල්ල කරන ප්‍රහාර දැඩි හානිකර බව  බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පවසයි

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන ප්‍රහාර දැඩි හානිකර බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පවසයි

9 April 2026

Recent News

බිට්කොයින් නිර්මාතෘ  සතෝෂි නකාමොටෝ පිළිබඳ  NYT වාර්තාව  මයිකල් සේලර් ප්‍රතික්ෂේප කරයි

බිට්කොයින් නිර්මාතෘ සතෝෂි නකාමොටෝ පිළිබඳ NYT වාර්තාව මයිකල් සේලර් ප්‍රතික්ෂේප කරයි

9 April 2026
ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී රුටේ අතර  සාකච්ඡා අවසන්

ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී රුටේ අතර සාකච්ඡා අවසන්

9 April 2026
හෝමාගම සහ පැලැන්වත්ත  අවට ප්‍රදේශවලට  අද සහ හෙට  පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ පැලැන්වත්ත අවට ප්‍රදේශවලට අද සහ හෙට පැය 12ක ජල කප්පාදුවක්

9 April 2026
AI ඒජන්තවරුන්ගේ  ආරක්ෂාව තහවුරු කිරීමට  Check Point සමාගමෙන්  නව AI Defense Plane පද්ධතියක්

AI ඒජන්තවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට Check Point සමාගමෙන් නව AI Defense Plane පද්ධතියක්

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා හි සංචාරක කර්මාන්තය නංවාලීමට  නව විශ්වවිද්‍යාල හවුල්කාරිත්වයක් සිසුන්ගේ නිර්මාණශීලී අදහස්වලට  ඉහළ අවස්ථාවක්

සාජා හි සංචාරක කර්මාන්තය නංවාලීමට නව විශ්වවිද්‍යාල හවුල්කාරිත්වයක් සිසුන්ගේ නිර්මාණශීලී අදහස්වලට ඉහළ අවස්ථාවක්

9 April 2026
මෙක්සිකෝවේදී  පුද්ගලයන් 50කට වැඩි පිරිසකට  මරු කැඳවූ අනතුර සම්බන්ධයෙන්  ගෝතමාලා ජාතිකයෙකු වරදකරු වෙයි

මෙක්සිකෝවේදී පුද්ගලයන් 50කට වැඩි පිරිසකට මරු කැඳවූ අනතුර සම්බන්ධයෙන් ගෝතමාලා ජාතිකයෙකු වරදකරු වෙයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved