27 April 2024
#දේශීය

නකල්ස් රක්ෂිතයේ දඩයමේ ගිය හිමිනමක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

නකල්ස් රක්ෂිත වනාන්තරයේ සේර ඇල්ල ආසන්නයේ ඇති බෙලිගොඩ නැමති අධි රක්ෂිත ප්‍රදේශයේ දි දඩයමේ ගිය බව කියන හිමිනමක් ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ(30)දා අත්අඩංගුවට ගත් බව නකල්ස් කලාපය භාර වන සංරක්ෂණ නිලධාරිහු පවසයි.

මෙම පිරිස දඩයමේ ගොස් ඇති බවට වන සංරක්ෂණ නිලධාරින්ට ලැබුණු තොරතුරු අනුව සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස විසින් රක්ෂිතයේ දඩයමේ ගොස් කබල්ලෑවකු මරා මස් කර තිබු බවත් සේර ඇල්ල දි මාළුන්ද අල්ලා ඇති බවත් එම කබල්ලෑ මස් සහ මාළුවන්ද සමග සැකකරු වන් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට පත් වන අවස්ථාවේදි මාළු ‍කිලෝ 6ක් කබල්ලෑ මස් කිලෝ 6ක් තිබු බවද වන සංරක්ෂණ නිලධාරිහු කියයි.

දඩයම සදහා යොදා ගත් බව කියන තුවක්කුවක් මාළුන් ඇල්ලිම සදහා භාවිතා කරන මාළු දැල් මස් ප්‍රවාහනය කිරිම සදහා යොදා ගත් ත්‍රිවිල් රථයද අත්අංඩගුවට ගත් බවද නිලධාරිහු කියයි.
මෙම හිමි නම කඹරව ප්‍රදේශයේ බවත් අනෙකුත් සැකකරුවන්ද එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් බවත් වන සංරක්කෂණ පනතට අනුව සැකකරුවන් අධීකරණයට ඉදිරිපත් කරන තෙක් රදවාගෙන ප්‍රශ්න කරන බවද වන සංරක්ෂණ නිලධාරිහු කියයි.

සැකකාර හිමි නම ඇතුලු අනෙකුත් සැකකරුවන් අද(31)නාඋල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

නකල්ස් වන පාලස එම්.සි ඉළුක්කුඹුර මහතාගේ අධික්ෂණය යටතේ නකල්ස් සංරක්ෂණ තොරතුරු මධ්‍යස්ථානයේ අඩවි වන නිලධාරි ඒ.වි.ඩි.අමරසිංහ,අතිරේක අඩවි වන නිලධාරි,ජි.සි .පි චන්ද්‍රසිරි,වන කෂේත්‍ර සහකාර සජිත් ඇතුලු නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *