27 April 2024
#දේශීය

උකුවෙල විශිෂ්ට ග්‍රාම නිලධාරින් ඇගයේ

දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරි කාර්යාල කළමණාකරණ තරගාවලියෙන් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 73 අතුරින් ග්‍රාම නිලධාරින් 10 දෙනෙකු විශිෂ්ටයින් ලෙස තේරි පත්ව ඇති අතර ඔවුන් සදහා ඇගයිම් සම්මාන ලබා දිම උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මඟින් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් 2021 වසර සඳහා වූ ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරඟය සංවිධානය කළ අතර ස්වකීය සේවා සැපයුම් පියස ප්‍රශස්ත සේවා සැපයුම් පියසක් බවට පත් කරමින් මෙම ග්‍රාම නිලධාරි කාර්යාල පත්වාගෙන යාමට ඔවුන් සමත්ව තිබේ.

පළමු ස්ථානය වදේමඩ වසමේ ග්‍රාම නිලධාරිනි ඒ.ජි.ජි එන් චන්ද්‍රපාල මහත්මියද දෙවන ස්ථානය ඕවිලිකන්ද වසමේ ග්‍රාම නිලධාරිනි පි.ජි.ඊ.ඩි ජයතිස්ස මහත්මියද තෙවැනි ස්ථානය කැන්දගොල්ලාමඩ වසමේ ග්‍රාම නිලධාරිනි අයි.කේ.ඩි.එස්.එම් ඒකානායක මහත්මියද සිව්වෙනි ස්ථානය ඩබ්.ජි.ජි.ඩි සෝමවිර මහත්මියද පස්වන ස්ථානය රංගම වසමේ ග්‍රාම නිලධාරි එල්.ජි.එස්.ජි කුමාරසිරි මහතාද හයවෙනි ස්ථානය ගලඋඩහේන ව‍සමේ ග්‍රාම නිලධාරි අසංක දිනේෂ් පද්මසිරි මහතාද හයවෙනි ස්ථානය කටුදෙණිය වසමේ ග්‍රාම නිලධාරි යු.ජි.පි මාලගේකුඹුර මහත්මියද අටවෙනි ස්ථානය හොරගහපිටිය වසමේ ග්‍රාම නිලධාරිනි බි.ඩි.ඩි ඩබ්. විරසිංහ මහත්මියද නවවෙනි ස්ථානය පතන්තඩිය ග්‍රාම නිලධාරි වයි.ජි.එස් ඉලංගකොන් මහත්මියද
දසවෙනි ස්ථානය කැන්දගොල්ල වසමේ ග්‍රාම නිලධාරිනි ඩබ්.එච්.ආර්.පි.එන් හේවගේ මහත්මිය දිනා ගන්නා ලදි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *