27 April 2024
#දේශීය

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංකේත වර්ජනය හෙට 

ඉල්ලීම් 6ක් සදහා දීර්ග කාලයක් තිස්සේ විසදුම් ලබා නොදීම සහ සෞඛ්‍ය ලේකම් වරයා විසින් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් නොසලකා හැරීමට එරෙහිව හෙට ( 09) සංකේත වර්ජනයක් ක්‍රියත්මක කරන බව පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලය පවසයි.

එය 09 වනදා උදේ 7 සිට 10 දින උදේ 7 දක්වා සංකේත වර්ජනයක් ක්‍රියත්මක කිරීමට නියමිතයි.

මෙම වර්ජනය සදහා පරිපූරක වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් 15ක් සහභාගී වන අතර 50 000ක පමණ වෘත්තීයවේදීන් පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ‍යින් , ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ඖෂධ සංයෝජක, පවුල් සෞඛ්‍ය නිළධාරීන් ඇතුළු සියළු අතුරු වෛද්‍ය සේවා නිළධාරීන් සහ හෙද වෘත්තිකයින් සහභාගී වෙන මෙම වර්ජනය සදහා වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව කටයුතු කරයි.

මාතෘ රෝහල්, පිළිකා රෝහල්, ළමා රොහල් සහ කොවිඩ් රෝහල්හි මෙම වර්ජනය ක්‍රියාතමක නොවන අතර, හදිසි, අත්‍යාවශ්‍ය හා ජීවිත ආරක්ෂණ සේවා සැපයීමට විධිවිධාන සපයා ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *