පෘථිවිය වටා කක්ෂගත ප්‍රදේශයේ අවි ස්ථානගත කර ඇති බව ඇමරිකාව පළමු වරට තහවුරු කිරීමත් සමඟ චීනය සහ රුසියාව ඊට දැඩි විරෝධය පළ කර තිබේ.
ඇමරිකානු අභ්‍යවකාශ හමුදාව සඳහන් කර ඇත්තේ, සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි ක්‍රියාමාර්ගවලින් තම හමුදා ආරක්ෂා කිරීම සඳහා කක්ෂගත අභ්‍යවකාශ පාලන අවි පවතින බවයි.
කෙසේ වෙතත්, එම අවි මොනවාද යන්න හෝ ඒවා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ඇමරිකාව විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.
මේ සම්බන්ධයෙන් චීනය අනතුරු අඟවා ඇත්තේ අභ්‍යවකාශය ආයුධකරණය කිරීමෙන් එය යුධ පිටියක් බවට පත්වීම මෙන්ම නව අවි තරගයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
රුසියාවද අභ්‍යවකාශය කිසිදු ආයුධයකින් තොර ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යා යුතු බව අවධාරණය කර තිබේ.
තාක්ෂණික දියුණුවත් සමඟ ලෝක බලවතුන් අභ්‍යවකාශය ආශ්රිත හමුදා හැකියාවන් වේගයෙන් වර්ධනය කරමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් ජාත්‍යන්තර නීතිමය රාමුවක් නොමැති වීමද විශේෂ අවධානයට ලක්ව තිබේ.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඇමරිකාවේ මෙම අනාවරණයත් සමඟ අභ්‍යවකාශයේ හමුදා බලය සම්බන්ධයෙන් ඇමරිකාව, චීනය සහ රුසියාව අතර තරගය තවදුරටත් උණුසුම් විය හැකි බවයි.














