• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද 5% දක්වා අඩු කෙරේ

17 September 2018
in ව්‍යාපාර

රෙදිපිළි කර්මාන්තයේ නිරත පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ වැට් බද්ද 5% දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව රෙදිපිළි මත 15%ක්ව වූ වැට් බද්ද අද (18) සිට අඩු කිරීමේ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද අත්සන් තබා ඇත. 

මීට පෙර රෙදි පිළි ආනයනයේ දී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 100ක් සෙස් බද්දක් අය කෙරිණි. 2018 අයවැය මගින් භාණ්ඩ මත 15%ක වැට් බද්දක් පනවමින් 2002 අංක 14 දරන වැට් බදු පනත සංශෝධනය කෙරුණු අතර එය 2018 අගෝස්තු මස 16 වැනි දා සිට ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව ආනයනික රෙදිපිළි ද 15% වැට් බද්දට යටත් විය. මේ හේතුවෙන් තමන් මහත් පීඩාවට පත්ව ඇති බව කුඩා පරිමාණ නිමි ඇඳුම් කර්මාන්තකරුවන්, වෙළෙන්දන් සහ ආනයනකරුවන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළහ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහන යටතේ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, නිමි ඇඳුම් නිෂ්පාදකයන්ට ද මෙම ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද පහත හෙලීමෙන් විශේෂ සහන හිමි වනු ඇත.

දැනට වැට් ව්‍යුහයට යටත් නොවන සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයන්ට ද මෙමගින් අවශ්‍ය ආනයනික රෙදිපිළි මිල දී ගැනීමේ දී සහන හිමිවේ.

Post Views: 5
Previous Post

අපි ආණ්ඩුව ගන්නවා – එජාප මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්  

Next Post

ෆොන් අන්සර් කරන්න බැරි තානාපති කාර්යාලවලට ජනපති අනතුරු අඟවයි !

editor

editor

Next Post

ෆොන් අන්සර් කරන්න බැරි තානාපති කාර්යාලවලට ජනපති අනතුරු අඟවයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved