වස්ගමුව ජාතික වනෝද්‍යානය වාසභූමිය කරගෙන සිටින වනඅලි රංචු ආහාර සහ ජලය සොයා මහවැලි සී කලාපයේ සහ මිනිපේ මහ ගොවි ව්‍යාපාරය ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන බව වාර්තා වේ.
රංචු හතරකට පමණ බෙදී සිටින වනඅලි 200ක් පමණ මෙලෙස ප්‍රදේශයේ සැරිසරන අතර, විශේෂයෙන් සවස් කාලයේදී මහවැලි ගඟ රක්ෂිතයට ආසන්න ප්‍රදේශවල ගැවසෙන බව සඳහන් වේ.
ආහාර සහ ජලය සොයා වනඅලි සිය ස්වභාවික වාසභූමිවලින් පිටත ප්‍රදේශවලට පැමිණීම වනඅලි සංරක්ෂණය මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු තත්ත්වයක් බව පරිසර විශේෂඥයන් පෙන්වා දෙති.
මෙවැනි අවස්ථාවල වනඅලින්ට බාධා නොකර ඔවුන්ට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ ලබාදීමත්, වනඅලි ගැවසෙන ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව කටයුතු කිරීමත් වැදගත් වේ.
















