විල්පත්තුව ජාතික උද්යානයට ආසන්න රනෝරාව ප්රදේශයේ හේනක් තුළ නීතිවිරෝධී ගිනිඅවියක් සහ කේබල් මදු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නොච්චියාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ රනෝරාව ග්රාම නිලධාරී වසමේ හේනක් තුළ අඩි 2කුත් අඟල් 8ක් දිග බඳින කඳක් (ගිනිඅවියක්) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මෙන්ම, රජයේ ඉඩමක කේබල් මදු 14ක් ඇටවූ තවත් පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ එළඹෙන 29 වන දින නොච්චියාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ඉමේෂ් ගුණතිලක මහතා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර, වන සතුන් මස් ජාවාරම් සඳහා මරන්නන්ට එරෙහිව තොරතුරු ඇත්නම් 1992 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම් දෙන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
















