අස්ථාවර ආර්ථිකයක සෙවණැලිවලින් තොර, සුරක්ෂිත සහ සුන්දර ළමා වියක් දරුවන්ට උරුම කර දීම සඳහා රටේ ආර්ථිකය නිවැරදි හා ස්ථාවර දිශානතියකට මෙහෙයවමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත වන බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක ප්‍රමුඛ වගකීමක් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, සමාජ ආරක්ෂණය, නිසි පෝෂණය සහ සෞඛ්‍ය සේවා ලබා දීමටත්, සියලු ආකාරයේ අපයෝජන හා හිංසනවලින් දරුවන් ආරක්ෂා කිරීමටත් අවශ්‍ය පියවර ශක්තිමත් කර ඇති බව අවධාරණය කරයි. කිසිදු දරුවෙකු අත්නොහැර, මව්පියන්ට බරක් නොවන සහ නව ලෝකයට ගැළපෙන කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බවද හෙතෙම පෙන්වා දෙයි. එසේම, විෂ මත්ද්‍රව්‍ය උවදුරින් දරු පරපුර මුදා ගැනීම සඳහා ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවත්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාතික ළමා දින සතිය අගය කරන බවත් ජනාධිපතිවරයා සිය ලෝක ළමා දින පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
















