21 September 2024

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය

ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනපිඩීක ආණ්ඩුවට එරෙහි මාතලේ විරෝධතාවයක්

ජනතාවට බදුබර පටවන, ජාතික සම්පත් කුණු කොල්ලයට විකුනන ,ණයබර වැඩිකරන ජනතා ද්‍රෝහි අයවැයත් , ජනපීඩක ආණ්ඩුවත් පරදවමු යන මැයෙන් වෘත්තීය සමිති සම්බන්දීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සිදු කළ උද්ඝෝෂනයක් 06දා සවස මාතලේ නගරයේදි පැවැත්විණි.

සභාපතිවරු සිව් දෙනෙකුගේ සහ තානාපතිවරුයෙකු‌ගේ පත් කිරීම් සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

ආයතන සභාපතිවරු සිව් දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත්වීම් වලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (05) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මහවැලි කළාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට එරෙහිව විරෝධතා

මහවැලි කළාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමේ තීන්දුව වහා හකුලා ගන්නා ලෙස බල කරමින් මහවැලි එච් කළාපීය ,මහවැලි ගොවිජන එකමුතුව තඹුත්තේගම නගරයේදී අද (06) විරෝධතාවක නිරත වූහ.

විද්‍යාලෝක ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට සදාහරිත සමාගමේ සාමාන්‍යධිකාරී නිරෝෂන් මානවඩු මහතා පත්වෙයි

සදාහරිත සමූහ ව්‍යාපාරයේ සදාහරිත වැවිලි සමාගමේ සාමාන්‍යධිකාරී නිරෝෂන් මානවඩු මහතා මෙරට ප්‍රමුඛතම පිරිමි විද්‍යාලයක් ලෙස ජනප්‍රසාදය දිනා ඇති ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ නව ක්‍රියාකාරී සභාපතිවරයා ලෙස පත් වී තිබේ.

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව මගින් පුහුණු තනතුරු සඳහා බඳවාගත් නිළධාරින්ගේ සේවය ස්ථීර කිරීම

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව මගින් පුහුණු තනතුරු සඳහා බඳවාගෙන ඇති නිලධාරින් ඔවුන්ගේ සේවා පුහුණුව අනුව රාජ්‍ය සේවය සඳහා අන්තර්ග්‍රහණය කොට 2023 වර්ෂයේදී සේවය ස්ථීර කිරීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණයෙක් අමෙරිකාවේදී පොලිස් වෙඩි ප්‍රහාරකින් මරුට

අමෙරිකාවේ ටෙක්සාස්හි ජිවත් වු මෙරට සම්භවයක් සහිත රාජන් මුණසිංහ නමති තරුණයෙකු ‌නොවැම්බර් 15 වනදා පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැබ් රථයක් හා යතුරුපැදියක් ගැටිමෙන් කාන්තාවක් මරුට

මහනුවර යාපනය ඒ නව මාර්ගයේ මාතලේ ,අලුවිහාරේ ප්‍රදේශයේදි ඊයේ(05)දා සවස කැබ්රථයක යතුරුපැදියක් ගැටිමෙන් සිදුවු අනතුරින් ස්කුටර් වර්ගයේ යතුරු පැදිය පැදවු මව මියගොස් එහි ගමන්ගත් ඇයගේ පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.