27 April 2024
#දේශීය

තාප්පයකට යට වී යුධ හමුදා සෙබලෙකු මිය යයි

දියතලාව, යුධ හමුදා විද්‍යාපීඨය තුළදී යුධ හමුදා සෙබලෙකු පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් ගැලවීමට යාමේදී එය ඇඟ මතට කඩා වැටී බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (12) උදෑසන කාලයේදී මෙම සිදුවීම සිදු ඇති අතර එම බිත්තිය සෙබලාගේ ඇඟ මතට කඩා වැටී බරපතල තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 37 ක් වු මඩොල්සිම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් දියතලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *