27 April 2024
#විශේෂාංග

මාතලේ ප්‍රකට ව්‍යාපාරියකු වු මිසාන් මොහොදින්ගේ 110 ඡන්ම දිනය සැමරෙ

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රකට ව්‍යාපාරියකු වු දිවංගත මිසාන් මොහිදින් මහතාගේ 110 ඡන්ම දිනය ඉකුත්දා ට යෙදි තිබුණි.

මාතලේ නගරය තුළ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව අතර හොද හිත දිනාගත් ප්‍රකට ව්‍යාපාරිකයකු වු මිසාන් මොහිදින් මහතා මාතලේ නගරයේ සියලු ජනතාව සමග සුහදව සියලු දෙනාට උපකාර කරමින් ජිවත්වු අයෙකි.

තේ අපනයනය ප්‍රධානව සිදු කරන ව්‍යාපාර අතුරින් දිවයිනට විදේශ විනිමය රැගෙන එ්මට කටයුතු කරමින් සිටියි.මේ වන විටත් එම ව්‍යාපාර සිදු කරමින් විශාල පිරිසකට රැකියා අවස්ථාවන් සහ අනෙකුත් උපකාරයන් සිදු කරමින් සිටියි.මාතලේ බෞද්ධ ජනතාව සහ අනෙකුත් සියලු ජනතාව සමග සමිපව කටයුතු කිරිම සහ මාතලේ පැවති බෞද්ධ ආගමික වැඩසටහන් පැවති අවස්ථාවලදි දානමය කටයුතු සදහාද සිය දාකයකත්වය ලබා දි තිබේ.

බෞද්ධ මන්දිරයට ඉඩමක් ලබා ගැනිමට යාමේදි මිසාන් මහතා විසින් ඉඩම අයිති සමාගමට වැඩි ලංසු තබා තිබියදි එවකට මාතලේ සිටි බෞද්ධ නායකයින්ගේ සහ මහා සංඝරත්නයේ ඉල්ලිම මත ඉඩම මිලදි ගැනිමෙන් වැලකි සිට අදාළ ඉඩම පුණ්‍යවර්ධන සමිතිය වෙත ලබා ගැනිමට අවස්ථාව ලබා දි ඇති බවත් එයඔහුට ආර්ථික වාසියට වඩා සමාජයට ඵලදායි කටයුත්තට යෙදවිම සදහා කටයුතු කළ අවස්ථාවක් බව මනාව පැහැදිලි වේ.

විවිධ සමාජයන් අතර සාමයෙන් සමගියෙන් එකිනෙකාට ගරු කරමින් ශ්‍රි ලාංකික සංහදියාව ඇති කිරිමට සුවිශේෂ වු වැඩකොටසක් සිදු කළ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.මාතලේ මුල්ම බෞද්ධ සමිතිය වන ශ්‍රි පුණ්‍යවර්ධන සමිතිය වෙතද විවිධ උපකාර සිදු කරමින් සමාජයේ වැඩ කටයුතු රැසක් සිදු කර තිබේ.පසුගිය කාලයේ ඇතිවු විවිධ සමාජයි රටේ ඇතිවු ව්‍යවසන අවස්ථාවලදි උපයාගත් ධනයෙන් කොටස් අදාළ සමාජ සත්කාරක වැඩසටහන් සදහා යොමු කර තිබේ.

මිසාන් මොහිදින් මහතාගේ අඩි පාරේ යමින් ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුලු පවුලේ පිරිස සිය ව්‍යාපාරික කටයුතු සිදු කරමින් සමාජ සත්කාරක වැඩසටහන් සිදු කරමින් කටයුතු කිරිම පැසසිය යුතු බව ඔහුගේ සමිපතම අයෙකු වන නිතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු වන ඉන්ද්‍රකමාර් විජේතිලක මහතා පවසයි.

පසුගිය කොවිඩ් වසංගත තත්වය හමුවේ ද අසරණ වු සියලු ජනතාවට හැකි ආකාරයෙන් උපකාර කරමින් කටයුතු කිරිම අගය කළ යුතු අතර ඒ සියලු කටයුතු සිදු කළේ දිවංගත මිසාන් මොහිදින් මහතා‍ට සිදු කරන ගෞරවයක් ලෙසය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *