27 April 2024
#දේශීය

ජලජීවී වගාව සදහා බැංකු පහසුකම් ලබා දෙනවා – ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

මෙරට ජලජීවී වගාව ප්‍රචලිත කිරීම සදහා ධීවර අමාත්‍යාංශය මගින් මෙම වසරේ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර රට තුල මත්ස්‍ය පරිභෝජනය වැඩි වශයෙන් මිරිදිය මසුන් තුලින් ලබා දීමට අවධානය යොමු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ උතුරු පළාත තුල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රචලිත කිරීම සදහා අවශ්‍ය වැඩ පිළිවෙල සාකච්ඡා කිරීමේ හමුවක් යාපනයේ කාර්යාලයේදී පැවැති අවස්ථාවේදිය.

එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ උතුරු පළාත තුල මේ වන විට මුහුදු කූඩැල්ලන් වගාව ඉතා සාර්ථකව දියත් කරන අතර එය මෙරට ජනතාවගේ පරිභෝජනයට ගැනීම යම්තාක් දුරට අඩු මට්ටමක පවතින බවයි.

එබැවින් උතුරු පළාත තුල මිරිදිය මත්ස්‍ය වගාව වැඩි දියුණු කිරීම සදහා පියවර රැසක් ගනිමින් සිටින අතර එසේ ජලජීවී වගාවට යොමුවන ව්‍යපාරිකයින් සදහා සංවර්ධන බැංකුව හරහා රැපියල් ලක්ෂ 50 සිට 250 දක්වා ණය මුදලක්ද ලබා දීමට මේ වන විටත් සාකච්ඡා කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙරට ජලජීවී වගාව ප්‍රචලිත කිරීම සදහා ධීවර අමාත්‍යාංශය මගින් මෙම වසරේ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර රට තුල මත්ස්‍ය පරිභෝජනය වැඩි වශයෙන් මිරිදිය මසුන් තුලින් ලබා දීමට අවධානය යොමු කර ඇති බවත් විශේෂයෙන් කරදිය මත්ස්‍ය අස්වැන්න ලබා ගැනීම සදහා යාමේදී විශාල මුල්‍ය පිරිවැයක් දැරිමට සිදුවීම තුල මත්ස්‍ය පරිභෝජනය අඩු වීමක් සමග ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීමට ගැටලු පවතින බව විශේෂඥයින් පෙන්වා දී ඇති බවද ප්‍රකාශ කරන ලදි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා උතුරු පළාත තුල ඉස්සන් වගාව, මෝදා වගාවට අමතරව මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට ගැනෙන සියළු අංශයක්ම දියුණු කර මෙරට මත්ස්‍ය පරිභෝජනය ඉහල නැංවීමට කටයුතු කිරීම කාලෝචිත බව පැවසු අතර දෙමළ සංධාන මන්ත්‍රීවරුන් පවසන ආකාරයට දකුණේ ධීවර ජනතාවට මුහුදු කූඩැල්ලන් වගාව සිදු කිරීමට අවස්ථාව නොදෙන බවට නගන ව්‍යාජ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර බවත් ඕනෑම ප්‍රදේශයක ජනතාව මත්ස්‍ය කර්මාන්තයේ නියැලීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට ධීවර අමාත්‍යාංශය නිරන්තරයෙන්ම කටයුතු කරන බවද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *