27 April 2024
#Uncategorised

මාතලේ කුඹුරවල ගොයම් විනාශ වෙයි

මාතලේ ප්‍රදේශයේ මෙවර යල් කන්නයේ වගා කළ කුඹුරු බොහොමයක කොළ පාලුව රෝගය පැතිර යමින් පවතින බව ගොවිහු කියයි.

ගොයම් කොළ කහපාට වි කොළ අග මැරියමින් පවතින බවත් පසුගිය කාලයේදි ඇතිවු අයහපත් කාලගුණික තත්වය මත විවිධ අවස්ථාවලදි කුඹුරු පාළුවට ගිය බවද ඔවුහු කියයි.

මෙවර යුරියා පොහොර නොලැබුණු බවත් කොම්පොස්ට් සහ දියර පොහොර යෙදු බවත් නමුත් වෙනදා මෙන් ගොයම් ගස වැඩිමක් නොවන බවද ගොවින් පවසයි.

මේ අවස්ථාවදේ වල් නාශක සහ දිලිර නාශක ලබා ගැනිමට නොහැකි තත්වයක් ඇති බවත් ඒ නිසා කුඹුරුවල විවිධ රෝගාබාධ පැන නැගි ඇති බවත් මෙවර යල් කන්නයේදි අපේක්ෂිත අස්වැන්න ලැබිමක් සිදු නොවන බවද ඔවුහු කියයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *