කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කරමින් ජනතාවට වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් මෙට්රො බස් රථ 112ක් අද සිට ධාවනයට එක්කර තිබෙනවා.
බස්නාහිර පළාතේ ප්රධාන මාර්ග 7ක් ආවරණය වන පරිදි මෙම බස් රථ ධාවනයට එක් කිරීම තලංගම මෙට්රො බස් ඩිපෝ පරිශ්රයේ පැවති විශේෂ උත්සවයකදී සිදුකෙරුණා.
2025 අයවැය යෝජනාවකට අනුව ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ යටතේ ශ්රී ලංකාවේ පොදු ප්රවාහන ක්ෂේත්රයට නවීන පහත් තට්ටුවේ බස් රථ හඳුන්වාදීම සඳහා රුපියල් මිලියන 3,000ක ප්රතිපාදන වෙන් කර තිබුණා.
එම ව්යාපෘතිය යටතේ මෙරටට ලැබුණු බස් රථ 104ක් සහ ජපාන රජය විසින් ලබාදුන් බස් රථ 8ක් ඇතුළුව බස් රථ 112ම අද සිට මහජන ප්රවාහන සේවයට එක්කර තිබෙනවා.














