2025 වසර තුළ මෙරට තුළ වන අලි 455 දෙනෙකු මියගොස් ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ. පරිසර අමාත්ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තු මන්ත්රී එල්.එම්. අබේවික්රම මහතා විසින් යොමු කරන ලද ප්රශ්නයකට පිළිතුරු ලෙස ඉදිරිපත් කළ ලේඛනයක මෙම දත්ත ඇතුළත් වන අතර, 2024 වසරේදී මියගිය වන අලි සංඛ්යාව 388ක් වීමත් සමඟ 2025 වසරේ අලි මරණ ඉහළ ගොස් ඇති බව පෙනී යයි.
එමෙන්ම, 2025 වසරේදී වන අලි ප්රහාර හේතුවෙන් පුද්ගලයින් 160 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 221 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම ලේඛනයේ දැක්වේ. මිනිස්-අලි ගැටුම පාලනය කිරීම සඳහා මෙරට ඉදිකර ඇති විදුලි වැටවල්වල සමස්ත දිග කිලෝමීටර් 5,787.89 ක් වන අතර, 2025 වසරේදී පමණක් විදුලි වැට ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 618.89 ක මුදලක් වැය කර ඇති බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.














