රටේ සංචාරක කර්මාන්තයේ වර්ධනය නංවාලීමේ අරමුණින් එමිර්ට්ස් (Emirates) ගුවන් සේවය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) තම හවුල්කාරීත්වය යළි අලුත් කර තිබේ. ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිර්ට්ස්, තම දැවැන්ත ජාලය හරහා ගෝලීය ප්‍රජාව වෙත ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන ප්‍රවර්ධනය කිරීමට සහ සංචාරක පැමිණීම ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටී. 2022 වසරේ ආරම්භ වූ මෙම හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, අරාබි සංචාරක වෙළඳපළ (ATM 2026) සංදර්ශනයේදී මේ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
එමිර්ට්ස් ගුවන් සේවය පසුගිය වසර 40 කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාව වෙත සේවාවන් සපයා ඇති අතර, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රධාන වෙළඳපළවල් හරහා මෙරටට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට දැඩි දායකත්වයක් ලබා දී තිබේ. මෙම නව ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ඉදිරියට ගෙන යාමට සහ සංචාරක පැමිණීම තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව දෙපාර්ශවයම පෙන්වා දෙයි.














