ප්‍රකට ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වෙරාරජ් සහ කුගන් මුරුගානන්දන් යන අය 2011 වසරේදී යාපනයේදී අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම නොවැම්බර් 27 වැනි දින පස්වරු 1.30 දක්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (29) නියම කරන ලදී.
අද දහවල් 1.45 සිට පස්වරු 3.00 දක්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට අන්තර්ජාල තාක්ෂණය (Video link) හරහා හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබා දුන් අතර, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි.
















