පරිගණක අපරාධවලට සම්බන්ධ බවට සැකපිට විදේශිකයින් 54 දෙනෙකු හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබීය.
බූස්ස යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය සහ හික්කඩුව පොලීසිය එක්ව අද පස්වරුවේ මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 19 දෙනෙකු සිටින බව පොලිසිය තහවුරු කළේය.
සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකථන 200කට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක 25ක් පොලිස් භාරයට ගෙන ඇත. හික්කඩුව පොලීසිය සහ පරිගණක අපරාධ විමර්ශන අංශය එක්ව සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














