ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද මෙරට ක්ෂණික ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි.
මැදපෙරදිග යුද උණුසුම සහ රතු මුහුදේ පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 104ක් සහ ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බැරලයක් ඩොලර් 100ක් ලෙස සටහන් වුවද, මෙරට සාමාන්ය මාසික මිල සංශෝධනය මෙම මස අවසානයේදී රජය සමඟ සාකච්ඡා කර තීරණය කරන බව සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර, මිල සූත්රය මත පදනම් වූ අලාභයන් හේතුවෙන් ඇතැම් පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් ඩීසල් අලෙවිය සීමා කර ඇතත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) අයත් පිරවුම්හල් තුළ ප්රමාණවත් පරිදි ඉන්ධන තොග පවතින බවද වැඩිදුරටත් අනාවරණය විය.














