ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් සංවිධානය කරනු ලබන 37 වැනි ජාත්‍යන්තර විද්‍යාත්මක සැසිවාරය හෙට (02) ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාමලිංනම් චන්ද්‍රසේකර් සහ විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ වේ. “Aquatic Research for Climate Resilience, Food Security, and Blue Growth” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සැසිවාරයේදී ධීවර, ජලජ වගාව, සාගර විද්‍යාව සහ දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර 7ක් යටතේ නාරා විද්‍යාඥයන් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණ දත්ත ඉදිරිපත් කිරීමට නියමිතය. ජපානයේ විදේශ ධීවර සහයෝගිතා පදනමේ ධීවර විශේෂඥ ආචාර්ය ෆුජිනෝ තදානෝරි මහතා මෙහි ප්‍රධාන දේශනය පවත්වන අතර, පර්යේෂකයන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයක් සහ ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන්ට සහතික පත් ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදු කෙරේ.
















