27 April 2024
#දේශීය

වෙල්ඩින් කූරක් සවි කිරීමට යාමේදී විදුලි සැර වැදී අයෙකු මරුට

දුම්මලසුරිය, උඩුබද්දාව ප්‍රදේශයේ වෙල්ඩින් වැඩපොලක් තුළ පෑස්සුම් කටයුතු කල අයෙකු විදුලි සැර වැදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (14)උදෑසන මෙම වැඩපොලේ අදාළ පුද්ගලයා විසින් වෙල්ඩින් කූරක් සවි කිරීමට යාමේදී විදුලි සැර වැදී කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 52 ක් වු මාදම්පේ පාරේ පදිංචි අයෙකි.

මෘත ශරීරාය කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසුරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *