27 April 2024
#ක්‍රීඩා

T20 ලෝක කුසලානය මෙවර ඕස්ට්‍රේලියාවට

20යි විස්ස ලෝක කුසලාන කිරුල දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම පරදවා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (14) සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් දැවී පන්දුවාර 18යි පන්දු 5ක් තුළ ලකුණු 173ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය.

ඒ අනුව, ඔක්තෝබර් 16 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භවු 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය එලෙස නිමා විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *