රත්නපුර කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
මෙම කාලය තුළ මඩුවන්වෙල, කරගහයාය, මහයාය, කෑල්ල, අලුබෝද, වැල්කැටිය සහ ජදුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුකරන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ.
ජල සැපයුම අත්හිටුවීමට පෙර අවශ්‍ය ජලය රැස්කර ගන්නා ලෙසත්, එම ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කරනවා.
















