භූගත ජල සම්පත් පිළිබඳ විශ්වසනීය හා විද්‍යාත්මක තොරතුරු පද්ධතියක් සකස් කිරීම සඳහා “ශ්‍රී ලංකාවේ ජල සම්පත් නිමානය සහ නියාමනය සඳහා මූලික සිතියම් සකස් කිරීම” නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
භූගත ජල මූලාශ්‍ර දූෂණය වීම, ජල ඉල්ලුම ඉහළ යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ෂාපතන රටා හා භූගත ජල ප්‍රතිආරෝපණ ක්‍රියාවලීන් වෙනස් වීම වැනි කරුණු හමුවේ මෙම ව්‍යාපෘතිය අවශ්‍ය වී ඇති බව සඳහන්.
ජල සම්පත් මණ්ඩලය සතුව වසර ගණනාවක් පුරා රැස් කර ඇති දත්ත විසිරී පැවතීම සහ ඒවා ප්‍රමාණවත් ලෙස භූ-යොමුගත කර නොතිබීම හේතුවෙන් ජල සම්පත් කළමනාකරණය සඳහා එම තොරතුරු කාර්යක්ෂමව භාවිත කිරීමට පවතින බාධාද මෙම ව්‍යාපෘතිය හරහා අවම කිරීමට නියමිතයි.
එමෙන්ම භූගත ජල තොරතුරුවල ගුණාත්මකභාවය හා විශ්වසනීයත්වය ඉහළ නැංවීම, බලපත්‍ර නිකුත් කිරීම, ජල සම්පත් නියාමනය, නීතිය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තොරතුරු පද්ධතියක් සකස් කිරීමද මෙහි අරමුණක් වනවා.
රුපියල් මිලියන 180ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ කුරුණෑගල, අනුරාධපුර, ගම්පහ, යාපනය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක පහ මූලික කර ගනිමින් 2027 වසරේ සිට වසර තුනක කාලයක් තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
















