27 April 2024
#දේශීය

බිමත් පුද්ගලයෙකුගේ පොලු පහරින් කාන්තාවක් මරුට

වටවල, මවුන්ජින් වත්ත ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වු ආරවුලක් මත පුද්ගලයෙකු විසින් කාන්තාවකට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

ඊයෙ (04) උදැසන මවුන්ජින් වත්තේ දෙපාර්ශවයක් අතර පැරණි ආරවුලක් මත බහින් බස් වීමක් සිදුව ඇති අතර එය සමථයට පත්ව ඇති නමුත් සවස් කාලයේදී නැවත එම පුද්ගලයෙකු බිමත්ව පැමිණි ආරවුල ඇති කර ගත් කාන්තාවකට පොල්ලකින් පහර දීමක් සිදු කර ඇති බව පොලිසිය කල විමර්ශණයේදී අනාවරණ විය.

එහිදී එම කාන්තාව වටවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 55 ක් වු මවුන්ජින් වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මෘත ශරීරය වටවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 27 ක් වු මවුන්ජින් ප්‍රදේශයේ පදිංචි සැකකරු සහ පහර දීමට භාවිතා කළ පොල්ලක්ද සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. වටවල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *