27 April 2024
#වෙනත්

මල්ටිලැක් වෙතින් රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සම අනුග්‍රාහකත්වය

සංහිඳියාවේ සැබෑ පණිවිඩය ලොවට විදහාපාමින් ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ‘‘සුරිඳුනි කතරගම – සුරකිමු සමගි දම’’ තේමාව යටතේ ජූලි 3 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්විය.

මෙවර ඊට සම අනුග්‍රාහකත්වය දේශීය තීන්ත නිෂ්පාදනයේ ප්රමුඛයා වන මල්ටිලැක් වෙතිනි ලබා දී තිබේ.

සිංහල, දමිළ හා කතෝලික මෙන්ම අනෙකුත් ජනවර්ග ද ඇතුළුව දැවැන්ත ජන ගඟක් සෑම වසරකදීම කතරගම ඇසළ මහා පෙරහැර මංගල්‍යයට ඒකරාශී වෙයි. මෙබැවින් රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර සංහිඳියාවේ මහිමය ලොවට කියාපාන මහා සංස්කෘතික උළෙළක් ද වේ. මල්ටිලැක් සමාගම තුළ ද සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු විවිධ ආගම් අදහන, විවිධ භාෂා කතාකරන පිරිස් කිසිදු භේදයකින් තොරව එකාවන්ව සහෝදර බැඳීමෙන් යුතුව කටයුතු කරති. ‘‘සුරිඳුනි කතරගම – සුරකිමු සමගි දම’’ තේමාව යටතේ පැවති මෙවර පෙරහැර මංගල්‍යයට මල්ටිලැක් සම අනුග්‍රාකත්වය ලබාදීමට තීරණය කරන්නේ සංහිඳියාව වෙනුවෙන් දක්වන අඛණ්ඩ කැපවීම විදහා දක්වමිනි.

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර සමයේදී බැතිමතුන් දසදහස් ගාණක් කතරගම පුදබිම වැඳපුදා ගැනීමට පැමිණෙන අතර අවට පරිසරය ද මෙකල කැළිකසල වලින් පිරී යයි. ගහකොළ, සතා සිව්පාවන් මෙන්ම බැතිමතුන් ඇතුළු ඒ අවට ජීවත්වන ජනතාවට ද මේ නිසා දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුවේ. කතරගම ‘‘සොබා පරිසර තුරුණු සමාජය’’ සෑම වසරකදීම ස්වෛච්ඡාවෙන් පරිසරය සුරැකීමට දායක වන්නේ මතු පරපුර වෙනුවෙන් සොබාදම් සම්පත ආරක්ෂා කිරීමට ඔවුන් දක්වන අසීමිත කැපවීම පෙන්නුම් කරමිනි. මෙය අගයමින් කතරගම ‘‘සොබා පරිසර තුරුණු සමාජ’’ වෙත වසරක කාලයක් පුරා භාවිත කළ හැකි නිළ ඇඳුම් ප්‍රදානයට ද මල්ටිලැක් සමාගම මෙවර දායක වන්නේ ආයතනික සමාජ සත්කාරක වගකීමේ කාර්යයක් ලෙසිනි.

මීට අමතරව කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් නිසි ලෙස කුණු කසළ බැහැර කිරීම, පුදබිම ආරක්ෂා කරගැනීමේ වැදගත්කම හා පුදබිම තුළ සංවරව හැසිරීමේ වැදගත්කම අවධාරණය කරමින් සිංහල හා දෙමළ බසින් සැකසූ අත් පත්රිකා ද බෙදාදීම සිදුවිය.

එමෙන්ම, රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වූ දිනයේදී පටන් නිමාවට පත්වෙන තෙක්ම මල්ටිලැක් සමාගමේ කාර්යමණ්ඩලයේ 100 දෙනෙකු කතරගම පුදබිම ශුද්ධ පවිත්‍ර කිරීමට දායක වීමද විශේෂය. ‘‘සුරිඳුනි කතරගම – රකිනෙමු සමගිදම’’ තේමාව මෙන්ම ‘‘සොබාදහමේ පාට තැවරූ – දෙව් විමන් දොර මලින් ඇතිරූ’’ ආදී වැකි ඇතුළත් කහපැහැ ටී ෂර්ට් වලින් සැරසුණු මොවුන් දවස පුරා කතරගම පුදබිම කුණු කසළින් තොර ශුද්ධ භූමියක් ලෙස පවත්වාගැනීමේ කාර්යයට උර දුන්නේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *