27 April 2024

රට වැනසූ හොරු සමඟ අපේ ඩීල් නැහැ – විපක්ෂ නායක සජිත්

පසුගිය ජනාධිපතිවරණය කාලයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පැවසුවත් මේ වන විට රටේ ජාතික ආරක්ෂාව නැත්තටම නැති වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපිට වැරදුනේ නැහැ වැරැද්දුවා – රවි කුමුදේශ්

අපට යථා තත්ත්වයට පත්වීම සඳහා අපගේ පාලකයින් අපගේ ප්‍රමුඛතා නිවැරදි කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයෙන් පසු තවදුරටත් සහාය දෙනවා – ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ

පවතින අසීරු අවස්ථාවට මුහුණ දීම සඳහා මූල්‍ය ආධාර දිය හැකි අයුරින් එම ව්‍යාපෘති ප්‍රතිසැලසුම් කරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හදාද් සර්වෝස් (Faris Hadad-Zervos) මහතා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව සතියට දින දෙකක් වැඩ නෑ

නැවත දැනුම් දෙන තුරු බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල විවෘත නොකිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව පවසයි.

මැලේසියාවේ ආගමික සංවිධාන කිහිපයකින් ශ්‍රී ලංකාව සඳහා ඖෂධ පරිත්‍යාග කරයි

ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යොමු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ මැලේසියාවේ බෞද්ධාගමික හා ආගමික සංවිධාන කිහිපයක්, ශ්‍රී ලංකාව වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කළහ.

අත්‍යවශ්‍ය භාණ්ඩ මාතලේ බෙදා හැරිම සදහා ක්‍රමවේයක් සකසයි

මාතලේ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව බෙදා හැරීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බව මාතලේ දිස්ත්‍රික් ලේකම් තෙජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට භාර දෙයි

“එක රටක් – එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව බලකායේ සභාපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අද (29) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය නොපමාව පාර්ලිමේන්තුවට – අධිකරණ අමාත්‍ය විජේදාස

රටේ මහජනතාව මෙන්ම ජාත්‍යන්තරයත් අපේක්ෂා කළ පරිදි මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට නීතියේ අධිපත්‍ය තහවුරු කිරීමට අවශ්‍ය මූලික කොන්දේසිය වන 22 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට ඊයේ (27) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.