27 April 2024

රෙදි ඇදන් යන්නනම් බෑ – බුද්ධික

කටාර් හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට චෝදනා එල්ල වන එරට ශ්‍රී ලංකාවේ තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා පිළිබඳව වහාම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පියවරක් ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

පුහුණු ගුරුවරු නැතිනම් නඩු කියන්න පුළුවන්

කුමන ආණ්ඩුවක් යටතේ වුව දල ඉදිරියේ දී පාසල්වලට පුහුණු ගුරුවරු ලබා නොදෙනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශයට එරෙහිව අධිකරණය හමුවට ගොස් තම පාසල්වලට පුහුණු ගුරුවරු ලබා ගැනීමේ අවස්ථාව දෙමාපියන් වෙත ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මිනිස් ජාවාරම් වලක්වන්න වැඩපිළිවෙලක්

මිනිස් ජාවාරම් වැළැක්වීමට ගෝලීය වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් පවසයි. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ විවිධ රටවල දේශසීමා ආශ‍්‍රිතව ගැටළු ගණනාවක් මතුව තිබේ.

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ආණමඩුවෙත්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට උපදේශනය හා මූල්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් රජය ආරම්භ කළ එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට අදාලව විශේෂ මධ්‍යස්ථානයක් ආණමඩුවේ ස්ථාපිත කෙරිණ. එම මධ්‍යස්ථානය පිහිටවූයේ ආණමඩුව මහජන බැංකු පරිශ‍්‍රයේයී.

ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට

සංචාරක දකුණු අප්‍රිකාව සමග හෙට (01) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) දිනයේ විශේෂ පුහුණු සැසියකට සහභාගී කර තිබේ. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.

ජාතික සංහිඳියාව සහ සහජීවනය වැඩපිළිවෙල සාර්ථකයි

දීර්ඝකාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස්විය.

ඉම්රාන් ඛාන් ලබන 11 දිවුරුම් දෙයි

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ලබන 11 වනදා දිවුරුම් දෙන බව අද (30) ප්‍රකාශ කළ බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉම්රාන් ඛාන් මේ වන විට පසුවන්නේ 65 හැවිරිදි වියේ.

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ලබන 1 වෙනිදා ලංකාවට

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අගෝස්තු මස පළමුවැනි බදාදා දින සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය නිවේදනය කළේ 2016 අප්‍රේල් මස මහලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇය යෙදෙන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවයි.

අපි වහල්ලු නෙමෙයි – ඇමැති හරින්

එක්සත් ජාතික පක්ෂය කාලයෙන් කාලයට දේශපාලනයේ ගේම් ගහමින් සිටින බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තිය සමිති වැඩවර්ජන හරහා ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක නිරතව සිටින බවයි.

මුල් පිතිකරුවන් හරියට සෙල්ලම් කලේ නෑ

මුල් පිලේ පිතිකරුවන් 05 දෙනා හරියාකාරව පිතිකරණයේ නිරත නොවු බව ජාතික වැඩ බලන ප්‍රධාන පුහුණුකරු තිලාන් සමරවීර මහතා පවසයි.  සංචාරක දකුණු අප්‍රිකාව සමග අනිද්දා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.