27 April 2024

මොන අභියෝග ආවත් මේ සටන අවසන් කරන බව ජනපති කියයි

ජීවිත අවධානම ද නොතකමින් තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැඟීමට බව පවසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුමන අභියෝග මධ්‍යයේ වුව ද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

නව ඖෂධ නිෂ්පාදනාගාර 02 කට මුල්ගල් තැබීම හෙට (01)

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගම්පහ දී ඉදිකිරීමට යෝජිත 09 වන සහ 10 ඖෂධ සහ රසායනාගාර සදහා සදහා භාවිතා කරන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දින (01) පෙරවරු 7.00 ට සිදු […]

විදුලිය අර්බුදය ගැන වසර ගණනකට පෙර අපි දැනුම් දුන්නා – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2016 වසරේ මාර්තු 31 වනදා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිදු කළ අධ්‍යයනයකදී මෙම වසරේදී විදුලි අර්බුධයකට මුහුණ දීමට සිදු වන බව විදුලි බල අමාත්‍යංශයට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 ක් පත් කරයි

රාජ්‍ය සේවාවන්වලට සහ රාජ්‍ය සංස්ථාවලට පත් කරනු ලබන/ නම් කරනු ලබන තැනැත්තන්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා වූ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නම් කරන ලද වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දහහතර දෙනකුගේ පත්වීම් පසුගිය 27 වනදා දින අනුමත කර ඇති […]

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාග ආවරණයට මාධ්‍යට අවසර දෙයි

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු ආවරණය කිරිමට මාධ්‍ය ආයතන සඳහා අවසර ලබාදී ඇති බව එම කොමිසම් සභාව පවසයි. ඒ අනුව ලබන අප්‍රේල් මස 01 වනදා සිට සාක්ෂි විභාග කිරිමේ කටයුතු මාධ්‍ය සඳහා ආවරණය කිරිමට අවස්ථාව සැලසෙනු ඇත.

රවි – කබීර් අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ යන අමාත්‍යාංශවල වැයශීර්ෂ පාර්ලිමේන්තු කාරකසභා විවාදයේ දී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

පරණ වයින් අලුත් බෝතල්වල – ඇමැති කබීර්

පරණ වයින් අලුත් බෝතල්වල දමා ඇති වගේ පොහොට්ටුවේ පිරිස් අද කටයුතු කරන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

රවීගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පැණ නැඟී ඇති විදුලි අර්බුදය පිළිබඳ විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

වෙනිසියුලාවේ විපක්ෂ නායකට වසර 15 ක තහනමක්

වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ගුවයිිඩෝට හට රජයේ කටයුතු වසර 15 ක තහනමක් පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම වාර්තා සඳහන් කළේ නීතිය මගින් ලබාදෙන උපරිම සීමාව අනුව ඔහුට කටයුතු කළ හැකි බවයි රාජ්‍ය මූල්‍ය පාලකවරයා නිවේදනය කර ඇති බවයි.

සාමාන්‍ය පෙල ප්‍රතිඵල නිකුත් වෙයි

2018 වසරෙ පැවැති සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත. එම ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත්කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල ලබාගැනීමේ දී නිවැරදි විභාග අංකයම ඇතුලත් කළ යුතු වන බවයි.