27 April 2024

උතුරේ මාර්ග 343 ක කිලෝ මීටර් 1,034 ක් සදහා රුපියල් මිලියන 51,000 ක ආයෝජනයක්

වසර තිහකට ආසන්න කාලයක් පැවති ගැටුම් හේතුවෙන් උතුරු පළාතේ දැඩි හානි සිදුවී ඇති අභ්‍යන්තර මාර්ග සංවර්ධනය සදහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර ඇති ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ මාර්ග පැකේජ 17 ක් මාර්ග 343 ක කිලෝ මීටර් 1,034 ක් පුනරුත්ථාපනය කොට ප්‍රතිසංස්කරණය […]

තව සතියයි… ! නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හංසයාට – ඇමැති අර්ජුන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සුරක්ෂිතවීමට නම් හංසයා ලකුණින් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතු බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

සජිත් සමාජ විප්ලවය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (31) මහනුවරදී සිදු කෙරිණි. එම උත්සවය ආරම්භවීමට ප්‍රථමව සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නායක හිමිවරුන්ට පිළිගැන්වීමට කටයුතු කළේය.

කුමන්ත්‍රණකරුවන්ගෙන් ශ්‍රීලනිප ආරක්ෂා කරන්න පෙරට එන්න – වෙල්ගම

ශ්‍රී ලංකීක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන්ත්‍රණකරුවන්ගෙන් මුදවාගෙන නැවත ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගෙන ඒම සඳහා නොවැම්බර් 05 වනදා පස්වරු 02 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

රජරට වකුගඩු රෝගයට මුල මහින්දයි – ඇමැති හැරිසන් කියයි

රජරට වකුගඩු රෝගය ව්‍යාප්තවීමට ඔක්සිජන් සැපයුවේ මහින්ද රාජපක්ෂ රජය බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පොදුජන සංධානය ට ගිවිසුම්ගතවෙයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහාවන ගිවිසුමට අස්සන් තැබීම අද(31) අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී සුබ මොහොතින් සිදුවී ය.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අදින් ඇරඹෙයි

2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම අද (31) දින සිට ඇරඹෙයි. හෙට දිනයේත් තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා රාජ්‍ය සේවකයින්ට අවස්ථාව පවතින අතර, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට නොවැම්බර් මස 4 සහ 5 යන දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය ජයගනි

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලූ 9 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (30) සමත්වුණා.  තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 කදී සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 117 ක් පමණයි.

වසන්ත සේනානායකගෙන් එක්සත් ජාතික පක්ෂය ට අභියෝගයක්…

හැකිනම් තමා පක්ෂයෙන් හා ඇමතිධුරයෙන් ඉවත්කොට පෙන්වන ලෙසත්, පක්ෂ සාමාජිකත්වයෙන් හෝ අමාත්‍ය ධුරයෙන් තමා කිසිසේත්ම ඉවත් නොවන බවත් වසන්ත සේනානායක මහතා පවසයි.

ගෙවුණු සිවුවසරක් පුරා රට ට අත් කළ විනාශයට සිරගතවිය යුත්තෙක් හංසයාගෙන් ඡන්දය ඉල්ලනවා : කුමාරසිරි හෙට්ටිගේ කියයි

පසු ගිය 2005 දී ජනාධිපති ධුරයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතා ත්‍රස්තවාදය අවසන් කර රටේ වේගවත් සංවර්ධනයක් හා සාමකාමී පරිසරයක් ඇති කළේ ,දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළි ගැනීම් නොකර” පළමුව රට ” යන උදාර පරමාර්ථයෙන් ක්‍රියා කළ නිසා බවත්යහපාලන ආණ්ඩුව” බලය ගෙන සිදු කළේ රටේ දියුණුවට වැඩ කළ රාජපක්‍ෂලා හා රණවිරුවන් ඇතුලු කීර්තිමත් රාජ්‍ය නිලධාරීන්ගෙන් පළි ගැනීම […]