27 April 2024

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ශක්තිමත් බලවේගයක් ගොඩනගමු – ජනපති

ජනතා ප්‍රශ්න විසදමින් රට ගොඩනැගිය හැක්කේ සියලුදෙනා එකට එක්වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් කැඳවීම දිර්ඝ කෙරේ

2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම සිදු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි ජනපති සියළුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක්වන ලෙස ආරාධනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරගලයේ නියුතු තරුණ තරුණියන් දඩයම් කිරීම වහාම නැවැත්විය යුතුයි – ජවිපෙ

සාමකාමී අරගලයේ නියුතු තරුණ තරුණියන් දඩයම් කිරීම වහාම නැවැත්විය යුතු බවත් ආර්ථිකය විනාශ කළ හොර තක්කඩි දැන් ජනතාව බිය වැද්දීමේ බියගුලු ක්‍රියා වහාම නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

කොළඹ වරාය ආශ්‍රිතව පාපැදි මංතීරුව විවෘත කරයි

කොළඹ වරාය ආශ්‍රිතව ගමනාගමනය සඳහා ආමර් වීදියේ සිට වරාය පිවිසුම දක්වා මාර්ගයේ පාපැදි මංතීරුව විවෘත කිරිම කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (29) සිදුකෙරිණි.

නීති විරෝධි මත්පැන් සමඟ අයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට

කුරුණෑගල, කිඩපොල ප්‍ර දේශයේදී ඊයේ (28) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කල වැටලීමකදී නීති විරෝධි මත්පැන් සමඟ අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔලුවිල් වරාය අෂ්රෆ් වරාය නමින් අමාත්‍ය ඩග්ලස් ප්‍රධානත්වයෙන් විවෘත කරයි

ඔලුවිල් වරාය අෂ්රෆ් වරාය නමින් නම්කොට නැවත ප්‍රතිසංස්කරණය කිරීමේන් පසු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතින් අද (28) දින විවෘත කරයි.

මෙරට පවතින තත්ත්වය මත හදිසි නීතිය කිසිසේත් සාධාරණීකරණය නෑ – මහාචාර්ය ජී. එල්

අද දවසේ ශ්‍රී ලංකා තුළ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය පැනවීම කිසිසේත් සාධාරණීකරණය කිරීමට නොහැකි බවත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බව එම පක්ෂයේ ආරම්භක සභාපති මහාචාර්ය ජී.එල් පීරීස් මහතා පවසයි.