27 April 2024

රන්ජන්ගේ ප්‍රකාශයට අගමැතිගේ විරෝධය

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කැළණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙත නිකුත් කර ඇති විඩියෝවේ සඳහන් කරුණු ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමට බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

පාස්කු ප‍්‍රහාරයට දින සියයක් පිරෙන මේ අවස්ථාවේදී එම ප‍්‍රහාරයට හේතුව හෝ සොයා ගැනීමට නොහැකි වත්මන් ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

බුද්ධි අංශ මේ වන විට එකමුතුව කටයුතු කරන බව යුධ හමුදාපති කියයි

ආරක්ෂක බුද්ධි අංශ මේ වන විට එකමුතුව ගමනක් යන්නට ප්‍රතිසංවිධානය වී ඇති බව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද(31) දින සාක්ෂි ලබා දීමට පැමිණි යුධ හමුදාපතිවරයා කියා සිටියේ මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන පැවැත්වෙන බවයි.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පිඩාවට පත්වුවන් සඳහා වන අරමුදලට ඇ.ඩෝ.මිලියන 05 ක්

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා වන අරමුදල උදෙසා අමෙරිකානු ඩෝලර් මිලියන 5 ක මුදලක් පරිත්‍යාග කරන බව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා පවසයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබාදෙන මුවාවෙන් ව්‍යාජ පුද්ගලයන්ගෙන් ප්‍රවේශම්වන්න

රජය විසින් ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය අනුමත කර ඇති බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශයෙන් යැයි ව්‍යාජ ලිපි ශීර්ෂයක් උපයෝගී කර ගනිමින් විවිධ පුද්ගලයන් හා ආයතන වෙත ලිපි යොමුකරන සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඔ‌බේ අදහස් කියන්න

රටේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් විද්වත් පාර්ශ්වය විසින් ලබාදෙන යෝජනා බෙහෙවින් වැදගත් වන බවත්, රටේ අනාගත පරපුර අධ්‍යාපනය තුළින් හැඩගැස්වීම වෙනුවෙන් අලුතින් සිතන, වෙනස්ව සිතන, බොහෝ දෙනෙක් සිටින බවත්, එම අදහස්, යෝජනා තමන් වෙත හැකි ඉක්මණින් ලබාදෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඔ‌බේ අදහස් කියන්න

රටේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් විද්වත් පාර්ශ්වය විසින් ලබාදෙන යෝජනා බෙහෙවින් වැදගත් වන බවත්, රටේ අනාගත පරපුර අධ්‍යාපනය තුළින් හැඩගැස්වීම වෙනුවෙන් අලුතින් සිතන, වෙනස්ව සිතන, බොහෝ දෙනෙක් සිටින බවත්, එම අදහස්, යෝජනා තමන් වෙත හැකි ඉක්මණින් ලබාදෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමකින් තොරව මත්පැන් අලෙවි කිරීම තහනම්

මෙරටට ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර ඇති බව සුරාබදු කොමසාරිස් කාර්යාලය පවසයි. ඒ අනුව මින් මතුවට මෙම ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සපුරා තහනම් කෙරේ.

ජනපති හමු වු බුද්ධදාස අපට කියු දේ….!

ශ්‍රී ලංකා සුරුකිමේ සංවිධානය විසින් අද (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වු බව හිටපු කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.

විශ්වවිද්‍යාල මුහුණ දෙන ගැටළු ගැන උපකුලපතිවරු හා අගමැති අතර සාකච්ඡාවක්

දිවයිනේ විශ්ව විද්‍යාල පද්ධතිය නියෝජනය කරන උපකුලපතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ලාංකේය විශ්ව විද්‍යාල මුහුණ දෙන ගැටළු හා අභියෝග පිළිබඳවත්, අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කර තිබේ.