27 April 2024

උතුරු පළාතේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපිත කෙරේ

උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටළුව විසඳීම සඳහා තවත් නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපනය කර අතර ලබන 06 වැනිදා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

බැසිල්ට රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑ, මේක රාජපක්ෂලාගේ බුදලයක් නෙමෙයි – දිලිත් ජයවීර

බැසිල් කියන ඇමරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බැරි බවත් මේක රාජපක්ෂලාගේ බුදලයක් නොවන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් පසුගිය 28 වනදා නවදිල්ලි නුවර පැවැත්විණ. ඒ, ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා (Vinay Kwatra) මහතාගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමකගේ සහභාගිත්වයෙනි.

මෛත්‍රීපාල පාස්කු වින්දිතයින්ගේ වේදනාව දේශපාලනීකරණය කරන්න හදනවා – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය දිගින් දිගටම දේශපාලනීකරණය සිදුවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වුණ වින්දිතයන්ගේ වේදනාව දේශපාලනීකරණය කරන බවක් පෙනෙනෙන්ට තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි – ජනපති

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අභිනව පදවිවලින් පිදුම් ලද පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනපති සහභාගීත්වයෙන්

කොල්ලුපිටිය, වාළුකාරාම මහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ස්‍යාමෝපාලිවංශික මහානිකායේ ශ්‍රි කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ උතුම් උපාධ්‍යාය පදවිය හා කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

මහ මැතිවරණයකට වඩා මේ මොහොතේ ජනාධිපතිවරණයක් සුදුසුයි – ඇමැති ප්‍රසන්න

රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පොල් කිරි අපනයනයෙන් පසුගිය පෙබරවාරි මස මිලියන 2971ක ආදායමක් – පොල් සංවර්ධන අධිකාරිය

පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයන ලබා ගත් බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

නිපුණතා හා ආයෝජනය මත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක්- ගේට්වේ ආයතනයේ සභාපති නීතිඥ සුසන්ත

නිපුණතා හා ආයෝජනය මත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක් හිමිව තිබෙන බවත් ඒ සඳහා විශේෂඥ දැනුම ඇති නිවැරදි උපදේශන සේවාවන් භාවිතා කළ යුතුව ඇති බව නීතිඥ සුසන්ත කටුගම්පොළ මහතා පවසයි.

හදිසි ආපදාවන්ට මුහුණදීමට නිසි සැලැස්මක් අපට තිබිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

ස්වභාවිකව ඇති විය හැකි සහ අනෙකුත් හදිසි ආපදාවන්ට මුහුණදීම සඳහා නිසි සැලැස්මක් තිබීම සහ එවැනි විපත්වලට මුහුණ දෙන අනෙකුත් රටවලට ද සහය විය හැකි වන පරිදි අපගේ හැකියාවන් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.