27 April 2024

ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න අවස්ථාවක් ඇති බව හිටපු ඇමැති මංගල කියයි

ජනතාව කරපු ඓතිහාසික වැරැද්ද නිවැරදි කරනගන්න පුළුවන් අවස්ථාවක් ඉදිරියේදී උදා වි ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

උණුසුම් කාලගුණයට මුහුණ දීම !

පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයන් ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක මෙම දිනවල පවතින බව වාර්තා වේ. අධික උෂ්ණත්වය සහ එමගින් මිනිස් සිරුරට සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව මාධ්‍ය මගින් විවිධ උපදෙස් ලබා දෙන අතර  ඒ පිළිබඳව නිවැරදිව දැනුවත් වීම වැදගත් ය.

සූරිය වැව ප්‍රේක්ෂකයන්ට පහරදීම : ක්‍රීඩා ඇමති පරීක්ෂණයක් ඉල්ලයි

සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කර ඇත.

උපාධිධාරීන්ට රැකියා : පත්වීම් අද සිට තැපෑලට !

රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි අද (28) තැපෑලට යොමු කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලිපි දෙයි

2013 – 2014 වර්ෂ වලදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් (අනියම් ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත්) මෙතෙක් ස්ථිර නොකළ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ආණ්ඩුව පෙරළන්න මහසොනා එක්ක හරි එකතු වෙනවා – මන්ත්‍රී වෙල්ගම කියයි

වත්මන් ආණ්ඩුව පෙරළිමට තමා බිහිකරන සන්ධානය මහසොනා සමඟ හෝ එකතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ගම්පහ, පහළයාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට

ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ආංශික නිපුණතා සංවර්ධන වැඩසටහන අනුග්‍රහයෙන් ඉදි කරන ලද ගම්පහ දිස්ත්‍රික් පහළයාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඊයේ (27) සිසු අයිතියට පත් කෙරිණි.

ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය දෙන්න – සේවය අවසන් කල චීන තානාපතිට ජනපති කියයි

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

MCC ගිවිසුම අත්සන් කිරීමට රජය තාවකාලිව නවතයි

ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කරයි. එම තීන්දුන ගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදිය.