27 April 2024

ශ්‍රී ලාංකිකයින් 522 ක් විදේශයන් හී සිට වෛරසය ආසාදිතව මෙරටට පැමිණි අයයි – ඇමැතිනි පවිත්‍රා කියයි

ශ්‍රී ලාංකීකයින් 522 ක් විදේශ රටවල දී රොගීන් වී ලංකාවට පැමිණි ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇමති තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අදයි..

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පස්වරුවේ හැටන් නෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.

යාවත්කාලීන නොකරන අනාරක්ෂිත රාජ්‍ය වෙබ් අඩවි බොහෝමයක් ශ්‍රී ලංකාව තුල – ITSSL

ඉදිරියේදී සයිබර් ප්‍රහාරවලට ඉතා පහසුවෙන් ගොදුරුවියහැකි රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් හදුනාගැනීමට ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

සංක්‍රමණික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ඩව – විදේශ ඇමැති සහතික කරයි

මැදපෙරදිග මෙන්ම වෙනත් කලාපවලින් සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම, මෙම ප්‍රජාවන් අවදානමට ලක්වීමේ හැකියාව පිළිබඳව විමසා, විශේෂයෙන් සත්කාරක රටවල නීත්‍යානුකූලව රැඳී සිටීමේ අවස්ථාව සහ / හෝ සේවය කිරීමේ අවස්ථාව අහිමි වූ තැනැත්තන් පිළිබඳව සලකා, අඛණ්ඩව සිදුකරන බවට විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහතික කර තිබේ.

පෞද්ගලික පංති සඳහා මාර්ගෝපදේශ මාලාවක්

ක්‍රම ක්‍රමයෙන් ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම තවමත් බන්දුල ඇමතිගේ හදවතේ

හෝමාගම දියගම ලංකාවේ විශාලතම  ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම  තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන   පැවසීය.

රටක් ගොඩනැගෙන්නට ජාතික චින්තනයක් අවශ්‍යයි – ආණ්ඩුකාර ලලිත් කියයි

ජාති ආගම බෙදීම් වලින් තොරව “ශ්‍රී ලාංකික” යන හැඟීමෙන් කටයුතු කිරීමෙන් ඕනෑම අභියෝගයකින් ජය ලැබිය හැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

සජිත් පිලේ 99 ක් එජාපයෙන් එලියට – ජාතික ආණ්ඩුවකට එකඟතාවයක් නෑ

සමගි ජන බලවේගය පක්‍ෂයෙන් මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාර දුන් 99 ක් එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇත.

පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අතහරින්නෙ නෑ – ජනපති ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරයි

මුහුණ දීමට ඇති දුෂ්කරතාව කුමක් වුවද “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්හළ නොහැක්කේ අප වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනය නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඉදිරියේදී පූජ්‍ය පක්ෂයට සංවර්ධන නිලධාරී තනතුර නෑ – අධ්‍යාපන අමාත්‍ය ඩලස්

ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා හෝ පූජක පක්ෂයේ පූජකතුමන්ලා හෝ කන්‍යා සොයුරියන් කිසිවෙක් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත නොකරන බවත්, ඔවුන් සියලු දෙනා ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරගන්නා බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.