27 April 2024

ජනපති ගෝඨාභයයට ඉන්දිය රජයේ සහාය – අගමැති මෝදි

සාර්ථක දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඒ අනුව සහන ණය ප්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 400ක මුදලක් කඩිනමින් ශ්‍රී ලංකාවට පිරිනැමීමට ක්‍රියාකරන බව අගමැතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ නව ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය අවස්ථාවේදිය.

ඇමැතිකම් දුන්නාට වැඩ පටන්ගන්නේ මාර්තු මාසයේදියි..!

කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරට හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකට මෙතෙක් සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

ජපන් රැකියා මවා මුදල් වංචා කළ කත අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ඡාවාරම නතර කිරීමට පුළුල් වැඩපිළිවෙලක්

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේ අධ්‍යක්ෂිකා Miwa Panholzer Kato හා එකී සංවිධානයේ ගෝලීය නාවුක අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කොලේ ඇතුළු නියෝජිත පිරිසක් අද (28) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී හමු විය.

ikman.lk – දැන්වීම් පළ කිරීම් සලාකා සෙන්කඩ Sell Fast මධ්‍යස්ථානය තුළින්

ශ‍්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන ikman.lk හි නවතම Sell Fast නියෝජිත ආයතනය ලෙස සලාකා සෙන්කාඩ ආයතනය සම්බන්ධවී ඇත. මෙහිදී පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දැන්වීම් ඉතා ඉක්මණින් පළ කරවා ගැනීමේ පහසුව සලසා තිබේ.

උත්සව සමය වෙනුවෙන් හිගයකින් තොරව සහල් වෙළෙඳපොළට

එළඹෙන උත්සව සමයේ දී හිගයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

පාසල්වල ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් ගොඩනගන්න

දිවයින පුරා මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් තෙවැනි පාසල් වාරය අවසන් වන දින හා 2020 පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වාගැනීම‍ට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ට දන්වා තිබේ.

නව අමාත්‍යංශය ලේකම්වරු ..

නව රජයේ ආමාත්‍යංශ සඳහා පත්කළ ලේකම්වරුන් සඳහා පත්වීම් ලිපි ලබාදීම ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා අතින් සිදු කෙරිණි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ශ්‍රීලනිප ය ඉදිරියටත් පොහොට්ටුව සමඟයි : ශාන්ත බණ්ඩාරගෙන් සහතිකයක්…

ඇමතිදූර සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කතා පැතිරෙද්දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වන සම්බන්ධයෙන් දැඩි බව පිළිබදව විශ්වාසය පලවන අදහස් එනි ආන්දෝලනාත්මක චරිත විසින් සමාජගතකරමින් සිටී. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි සියලු මැතිවරණවලට තරග කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව බව එම පක්ෂය පවසයි. පක්ෂ සභාපති හිටපු […]