27 April 2024
#ව්‍යාපාර

INSEE Cement සමාගමේ ජෛව විවිධත්ව සංරක්ෂණ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට

ශ්‍රී ලංකාවේ අංක එකේ සිමෙන්ති සන්නාමය සහ ඉදිකිරීම් විසඳුම් සම්පාදකයා වන INSEE Cement, මේ දක්වා බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති දීර්ඝකාලීන ජෛව විවිධත්ව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයක් තවදුරටත් දීර්ඝ කරමින් 2022 වසර නිමාවට පත්කළේ ය.

ඉදිරි පරම්පරාවන්ගේ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකාවට ආවේණික පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම එහි මූලික අරමුණ වී තිබේ.

INSEE Cement සමූහයේ ජාත්‍යන්තර තිරසාරත්ව ක්‍රමෝපාය ‘INSEE Sustainability Ambition 2030’ නමින් එළිදැක්වීමත් සමග, එම සමූහයේ පරිසර හිතකාමී මෙහෙවර එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සහ අනෙකුත් ජාත්‍යන්තර වැඩරාමු සමග සමගාමී වී ඇති අතර, ඒ ඔස්සේ සමාජ, ආර්ථික හා පාරිසරික තිරසාරත්වය සමාගමේ අනන්‍යතාවේ අනිවාර්ය අංගයක් බවට පත්වී ඇත. ජෛව විවිධත්වයට හා ජල සම්පත් සංරක්ෂණයට මෙම තිරසාරත්ව ක්‍රමෝපාය තුළ ප්‍රධාන තැනක් හිමි වී ඇති අතර, INSEE Cement සමාගමේ ව්‍යාපාර කටයුතු වල ස්වභාවය අනුව, මෙම ක්‍රමෝපාය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට පෙර සිටම සමාගම මෙවැනි පරිසර හිතකාමී ක්‍රියාකාරකම් වල නිරන්තරයෙන් නිරත විය.

අතීතයේ පටන්ම INSEE Cement සමාගම ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා සුවිශාල කැපවීමක් පෙන්නුම් කර තිබේ. එම කැපවීම ඔස්සේ ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා සමාගම එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (United Nations Educational, Scientific and Cultural Organization – UNESCO) සහ, රටේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම උදෙසා ක්‍රියාත්මක වන, මුළුමනින්ම පෞද්ගලික අංශයේ හිමිකාරීත්වය හා මෙහෙයවීම යටතේ පවතින ජාතික පදනමක් වන Biodiversity Sri Lanka සංවිධානය සමග එක් වී, International Union for Conservation of Nature (IUCN) වැනි සංවිධාන සමග හවුල්කාරීත්වයන්ට එළඹෙමින්, විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ.

2022 වසර තුළ INSEE Cement ක්‍රියාවට නැංවූ එබඳු ප්‍රධාන පෙළේ ව්‍යපෘති කිහිපයක් පහත දක්වා ඇත.

වනජීවීන් මුදාගැනීමේ ව්‍යාපෘතිය

 

2008 වසරේදී ආරම්භ කළ, INSEE සමාගමේ අරුවක්කාලු හුණුගල් නිධියේ පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, මේ වනවිට සමාගමේ සේවක සේවිකාවන්ගේ ස්වේච්ඡා දායකත්වයෙන් වාර්ෂිකව සිදුකෙරෙන වැඩසටහන් අතර ප්‍රධාන තැනක් ගන්නා ව්‍යාපෘතියක් බවට පත්වී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ, ජානමය විවිධත්වය ආරක්ෂා කිරීම සහ වඳවී යාමේ අවදානම අවම කිරීම සඳහා ආහාර දාමයේ සෑම අදියරක්ම නියෝජනය කරන, ගමන් කිරීමේ හැකියාව අවම කුඩා සතුන් මෙන්ම දුර්ලභ සත්ත්ව විශේෂ මුදාගැනීම සිදුකෙරේ. මෙම සතුන් ආරක්‍ෂිත ස්ථාන වෙත ගෙනයාම මගින් එම සත්ත්ව වර්ග ආරක්ෂා වීමේ සම්භාවිතාව ඉහළ යයි. මෙය ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමක් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වර්ගයේ පළමු ව්‍යාපෘතිය වන අතර, රට තුළ මෙතරම් කාලයක් අඛණ්ඩව සිදුකරන ලද දීර්ඝතම නිරීක්ෂණ මෙහෙයුමද වේ. මේ සඳහා භාවිතා කරන ලද ක්‍රමවේදය මේ වනවිට මෙවැනි ව්‍යපෘති සඳහා භාවිතා කිරීමට වඩාත්ම සුදුසු සංරක්ෂණ ක්‍රමවේදයක් ලෙස ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවලටද ඇතුළත් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ 2022 වසරේදී කුඩා සත්ත්ව වර්ග 2400 සහ සත්ත්ව විශේෂ 82 ක් සුරක්ෂිත ස්ථාන වෙත නැවත ස්ථානගත කරන ලදි.

කොරල්පර ප්‍රතිසංස්කරණ වැඩසටහන

 

තෝරාගත් ප්‍රදේශ කිහිපයක කොරල්පර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා IUCN සමග අත්වැල් බැඳගෙන INSEE Cement විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. ලොව ඉහළම ජෛව විවිධත්වයකින් යුත් ස්ථාන ලෙස සැලකෙන මෙම කොරල්පර මේ වනවිට මිනිස් ක්‍රියාකාරකම් නිසා සීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ 2007 වසරේ උණවටුන වෙරළට ඔබ්බෙන් කොන්ක්‍රීට් ව්‍යුහයන්ට කොරල් සම්බන්ධ කර, කොරල් ජනපද 25ක් පිහිටුවන ලදී. ඉන් පසුව 2016 වසරේදී කොරල් ජනපද වැඩිදියුණු කිරීම සඳහා, රූමස්සල සාගර පතුලේ කොන්ක්‍රීට් ගල්පර ගෝල 30 ක් ස්ථානගත කෙරිණි.

විනාශ වූ හෙක්ටයාර 12 ක මීවන භූමියක නැවත වන වගා කිරීම

 

කන්නෙලිය වන රක්ෂිතයේ ඕපාත, හල්ගහවල ප්‍රදේශයේ විනාශ වී ගිය හෙක්ටයාර 12 ක වනාන්තර ප්‍රදේශයක් ප්‍රතිසංස්කරණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මේ සඳහා ඇතිකරගත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයට INSEE Cement සමාගම ඇතුළු පෞද්ගලික සමාගම් කිහිපයක්, Biodiversity Sri Lanka සහ IUCN යන සංවිධාන සහ ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවද ඇතුළත් විය. වගා කිරීම සඳහා හෙළිපෙහෙළි කර, ඉන් පසුව අතහැර දමා තිබූ මෙම භූමියේ කැකිල්ල නම් මීවන විශේෂය වැවී තිබිණි. වසර හතරහමාරක් පුරා විහිදුණු දැඩි ප්‍රයත්නයකින් අනතුරුව මේ වනවිට අදාළ භූමියේ වනගහනය 80% ක් පමණ යථා තත්ත්වයට පත්වී තිබේ. මෙම වන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වූ ව්‍යුහාත්මක වෙනස්කම් නිසා නව සත්ත්ව වාසස්ථාන නිර්මාණය වී ඇති අතර, එම නිසා මීට පෙර මෙම ස්ථානයෙහි දැකගත නොහැකි වූ සමනලුන්, බත්කූරන් සහ පක්ෂීන් විශේෂ කිහිපයක්ද මෙම භූමියට ආකර්ෂණය වී ඇත.

2023 සහ ඉන් ඔබ්බට පවතින සැලසුම්

2022 දෙසැම්බර් මාසයේදී INSEE Cement Sri Lanka සමාගම, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත මෙම ජෛව විවිධත්ව සංරක්ෂණ ව්‍යාපෘති තවත් වසර තුනකින් දීර්ඝ කිරීම සඳහා IUCN සමඟ ඇති අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙය ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් රටේ පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම සඳහා සමාගම ගත් තවත් වැදගත් පියවරකි.
“ව්‍යාපාරකරණය සහ පරිසරය අතර පවතින සමීප සම්බන්ධතාවේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා අප දරන උත්සාහය තුළ ජෛව විවිධත්වයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. IUCN සමග ඇතිකරගත් හවුල්කාරීත්වය, ‘Sustainability Ambition 2030’ සැලසුම් වලට සමගාමීව අපගේ තිරසාරත්ව ඉලක්ක සපුරා ගැනීමට අපට මහෝපකාරී වන සාධකයක්. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සම්බන්ධ ගැටලු පිළිබඳව අපගේ අවධානය යොමුකරවමින්, ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා වහාම මැදිහත් වීමේ වැදගත්කම පෙන්වා දෙනවා.” INSEE Cement සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා පැවසී ය.

 

පිටපත – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *